කාම්බෝද්ජයේ සංචාරයක නිරත වූ තායි කුමරිය වන මහා චක්‍රී කුමරිය වෙනුවෙන් සති දෙකක් පුරා ඩොලර් 40000ක් (රුපියල් 5,760,000) වියදමින් ඉදි කළ සුඛෝපබෝගී නාන කාමරය ඇය භාවිත කර නැතැයි බීබීසිය වාර්තා කරයි.
ඇය වටින් පිටින් එය දෙස බලා ඡායරුප කිහිපයක් ගෙන පිටව ගිය බවත්, එකදු අවස්ථාවක වත් ඇතුළටවත් නොයා ගිය බවත් කියති.
මෙය ලොව පුරා මෙන්ම කාම්බෝජයේ ප්‍රධාන සිරස්තලය බවට පත්ව තිබේ.
එම කාමරය සම්පුර්ණයෙන් වායු සමීකරණය කර අති සුඛෝපබෝගී ලෙස නිම කර තිබේ. එම කුටිය සංචාරක කාර්යාලයයක් බවට භාවිත කිරීමට අදහස් කරන බව එම මාධ්‍ය සදහන් කරයි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර රතු පුටුවේ ඉඳලද ශරීර කෘත්‍යය කරන්න ඕනෑ. කුමරියට මේක දැකලා පිස්සු හැදෙන්න ඇති. ෂේප්එකේ සෙල්ෆියක් ගහලා පැනගන්න ඇති. (නි)
සමහරවිට කුමරියට අවශ්‍යතාවයක් නැතුව ඇති. ඒකයි එය බලා පින්තූර අරගෙන තියෙන්නේ (නි)