ලොව විශාලතම නොකැපූ දියමන්තිය එංගලන්තයේ ලන්ඩන් නුවර වෙන්දේසියකදී යුරෝ මිලියන 52කට වඩා වැඩි මිලකට අලෙවි කිරීමට අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එය මෙතෙක් වෙන්දේසියක දියමන්තියකට ලැබෙන වැඩිම වටිනාකම වේ.
එවන් විශාලත්වයෙන් යුත් දියමන්තියක් මහජන වෙන්දෙසියකට ප්‍රදර්ශනය වන ප්‍රථම අවස්ථාව මෙයයි. ලසේදී ලා රෝනා නම් එම දියමන්තිය ටෙනිස් බෝලයක ප්‍රමාණයෙන් යුත් අතර එය අප්‍රිකාවේ බොට්ස්වානා වලින් සොයාගෙන තිබේ.
මෙම රළු දියමන්තිය කැරට් 1.109 වන අතර එය අවුරුදු බිලියන 2.5 කට වඩා පැරණි බව විද්‍යාඥයෝ විශ්වාස කරති.
ලසේදී ලා රෝනා යනු බොට්ස්වානා ස්වානා භාෂාවෙන් 'අපේ ආලෝකය' යන අර්ථය යි. එය සොයාගෙන ඇත්තේ අප්‍රිකාවේ ලුකාරා දියමන්ති සමාගම විසිනි. මේ වන විට ලෝකයේ විශාලතම හා ගුණාත්මකමව ඔප දැමූ දියමන්ති බ්රිතාන්ය කිරීටයේ සවි කර තිබෙන බවට සදහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව තව දේවල් විකුණයි යුරෝපෙන් හරියටම වෙන්වුණාට පස්සේ. (නි)