IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


ලාංකික කත ඝාතනය කළ ඊජිප්තු තරුණයා රිමාන්ඩ්

තිළිණි ද සිල්වා

ඊජිප්තුවේ ගෘහසේවයේ නියුතු වූ ශ්‍රී ලාංකික කාන්තාවක් ඝාතනය කළ ඊජිප්තු ජාතික පුද්ගලයා රිමාන්ඞ් කිරීමට එරට අධිකරණය නියෝග කර ඇතැයි එරට පළවන ‘‘ ඉන්ඩිපෙන්ඩන්ට් ’’ පුවත්පත වාර්තා කරයි.මෙලෙස රිමාන්ඞ් කරනු ලැබුවේ 22 හැවිරිදි ඊජිප්තු ජාතික තරුණයෙකි.
 
ඊජිප්තුවේ ගෘහසේවයේ නියුතු වූ ශ්‍රී ලාංකික කාන්තාවක් ඇයගේ ඊජීප්තු ජාතික පෙම්වතා පිහියෙන් ඇණ ඝාතනය කර ඇතැයි එරට පුවත්පත් වාර්තා පල කරයි.
 
මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට පත්ව ඇත්තේ එරට ගෘහසේවිකාවක වශයෙන් සේවය කළ පනස් හතර හැවිරිදි ලාංකික කාන්තාවකි.
 
තමන් විවාහ කර ගන්නා ලෙසට ලාංකික ගෘහසේවිකාව දිගින් දිගටම බලපෑම් කිරීම නිසා ඇති වූ කෝපය මත සැකකාර ඊජීප්තු ජාතිකයා මෙම ඝාතන සිදු කර ඇතැයිද වාර්තාවේ.
 
සැකකාර ඊජිප්තු ජාතිකයා සහ ලාංකික ගෘහසේවිකාව එරට කයිරෝ අගනුවර පිහිටි විශ‍්‍රාමලත් පොලිස් නිලධාරීවරයකුගේ නිවසක සේවය කර ඇත.එහිදී ඇති වූ පෙම් සබඳතාවය මත මෙම ලාංකික කාන්තාව සහ සැකකරු විවාහ ගිවිස ගැනීමට අපේක්ෂාවෙන් සිට ඇති නමුත් එම සම්බන්ධතාවයට සැකකාර ඊජීප්තු ජාතිකයාගේ පවුලේ ඥාතීන් විරුද්ධත්වයක් දක්වා ඇත.
 
සිය පවුලේ අයගේ විරෝධය මත එම සැකකරු සිය පෙම්වතිය වූ ලාංකික සේවිකාව විවාහ කර ගැනීම මඟ හරිමින් වෙනත් විවාහයක් කර ගැනීමට සැලසුම් කරන බව ආරංචි වු පසු ඒ පිළිබඳ දැනගත් ලාංකික කත ඔහුගේ සහෝදරයා හමුවී තමන් සැකකරු නිසා ගැබ් ගෙන ඇති බවට චෝදනා නගා ඇති බව පුවත්පත් වාර්තාවේ දැක්වේ.
 
ලාංකික පෙම්වතිය විසින් තමන් ගැන තම පවුලේ අය හමුවේ කළ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් කෝපවී  සැකකරු  ඇයව විවාහ කර ගන්නා බවත් එම විවාහය සිදු කිරීමට කයිරෝ හි ගීසා ප‍්‍රදේශයට  පැමිණෙන ලෙස එම කාන්තාවට දන්වා තිබේ.
 
ඒ අනුව එම ස්ථානයට පැමිණි ලාංකික කතට පිහියෙන් ඇණ ඝාතනය කිරීමට එම සැකකාර පෙම්වතා කටයුතු කර ඇති අතර ඉන්පසුව ඇයගේ සිරුරට ගිනි තැබීමටද සැකකරු උත්සාහ දරා ඇතැයි වාර්තාවේ .
 
ඉන්පසුව ඔහු නීතීඥවරුන් මාර්ගයෙන් එරට අධිකරණය හමුවේ ඉදිරිපත් වී ඇති නමුත් ඝාතනය කිරීමේ චෝදනා යටතේ සැකකරුව රිමාන්ඞ් බාරයට පත් කර ඇත.  



අදහස් (0)

ලාංකික කත ඝාතනය කළ ඊජිප්තු තරුණයා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 293 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 324 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1254 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site