නෙයිපිදෝව්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
බංගලාදේශය සහ මියන්මාරය අද (23) රොහින්ග්‍යා සරණාගතයන් සම්බන්ධයෙන් ගිවිසුමකට එළැඹ තිබේ.
ඒ අනුව හමුදාව දියත් කරන ලද ප්‍රචණ්ඩත්වය නිසා බංගලාදේශයට පලාගිය රොහින්ග්‍යවරුන් නැවත මියන්මාරය වෙත ලබාදීම වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් තබන ලදි.
ගිවිසුම සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු අද (23) හවස් වනතුරුත් අනාවරණය වී නොතිබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. මියන්මාරයේ අගනුවර වන නෙයිපිදෝව්හිදි ගිවිසුමට අත්සන් තබා තිබේ. මෙම ගිවිසුම පළමු පියවර යැයි බංග්ලාදේශය ප්‍රකාශ කර තිබෙන අතර හැකි ඉක්මනින් රොහින්ග්‍යාවරුන් තම රටට ගෙන්වා ගැනීමට සූදානම් යැයි මියන්මාරය ප්‍රකාශ කර තිබේ.
රොහින්ග්‍යාවරුන්ගේ සුරක්ෂිත කිරීමට හැකි නම් මෙලෙස නැවත ඔවුන් මියන්මාරයට යැවිය යුතු බවත් එසේ නැතිනම් මෙය බලහත්කාරයෙන් යැවීමක් යැයි ද මානව හිමිකම් සංවිධාන අවධාරණය කරයි.
අතීතයේදී බුරුමය ලෙසින් හැඳින්වුණු වත්මන් මියන්මාරයේ රාජ්‍ය හමුදා විසින් කරන ලද වදහිංසා හේතුවෙන් රොහින්ග්‍යාවරුන් එරටින් පලා ගියේය.
පසුගිය අගෝස්තු මාසයේදී රකීන් ප්‍රාන්තයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් රොහින්ග්‍යාවරුන් 600,000කට වැඩි පිරිසක් බංග්ලාදේශයට පලා ගිය අතර ඔවුන් නැවත ගෙන්වා ගැනීම සඳහා මෙලෙස මියන්මාරය අතර ගිවිසුම අත්සන් තබන ලදි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය යක්කු මියන්මාර් වල ඉඳගෙන එහෙ හිටපු බෞද්ධයෝ මරනකොට කවුරුවත් දැක්කේ නැහැ.........