IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රුසියාවේ විරෝධතාවලදී දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට

රුසියාවේ විපක්ෂ ක්‍රියාකාරී ඇලෙක්සෙයි  නවාල්නි නිදහස් කරන්නැයි ඉල්ලමින් මොස්කව් ඇතුළු රටපුරා නගරවල පැවැති විරෝධතාවලට 3,000 කට වඩා වැඩි පිරිසක් අත්අඩංගුවට පත්ව ඇත.

විස ශරීර ගත වීමේ මාස ගණනාවක් ජර්මනියේ නැවැතී ප්‍රතිකාර ලැබූ ඇලෙක්සෙයි නවාල්නි ඉකුත් දා නැවත රුසියාවට පැමිණියේ ය.
එම අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට පත්විය.

නවාල්නිට විස ලබාදීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු එරට ආණ්ඩුවට චෝදනා එල්ල විය. රුසියානු ආණ්ඩුව එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

නවාල්නි රුසියානු ජනාධිපති සහ ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරන්නෙකි.

ඔහු නිදහස් කරන්නැයි ඉල්ලමින් පැවැති විරෝධතාවල දී 1,009 දෙනකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි ‘ඕ.වී.ඩී.-ඉන්ෆෝ’ නිරීක්ෂණ සංවිධානය සඳහන් කළේය.

මොස්කව් නුවරදී පමණක් අත්අඩංගුවට පත්ව ඇති ගණන 142කි.
 
ඒ.එෆ්.පී.
 
055



අදහස් (0)

රුසියාවේ විරෝධතාවලදී දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site