මොස්කව්හිදීය (රොයිටර්ස්)
 
රුසියාව ඉතාම ඉක්මණින්  ක්‍රිමියානු  අර්ධද්වීපයේ ගොඩබිම සිට ගුවනට විදින එස් - 400 මිසයිල පද්ධති ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
 
රුසියානු ආරක්ෂක කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් එරට ‘ඉන්ටර්ෆැක්ස්’ පුවත් සේවය ඒ බව වාර්තා කර තිබිණි.
 
යුක්රේනය දින 30කට යුද නීතිය ප්‍රකාශ කිරීමටත් සමඟ රුසියාවට එලෙස එස් - 400 මිසයිල පද්ධති ස්ථාපිත කිරීමට තීරණය කර ඇතැයි පැවසේ. 
 
යුක්රේනයට අයත් නාවික යාත්‍රා තුනක් රුසියානු ග්‍රහණයට පත්වීමත් සමඟ දෙරට අතර මතභේදාත්මක තත්ත්වයට උග්‍ර අතට හැරී තිබේ. 
 
 
055