IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රුසියාවේ මොස්කව් නුවර මානසික රෝහලක ගින්නකින් 38ක් මරුට

රුසියාවේ මොස්කව් නුවර පිහිටි මානසික රෝහලක ඊයේ(26) අලූයම් කාලයේ හටගත් ගින්නකින් පුද්ගලයන් 38 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ගින්නට බිලි වී මියගිය පුද්ගලයන්ගෙන් වැඩිදෙනෙක් මානසික රෝගීහුය. ඒ අතර වෛද්‍ය සේවකයන් දෙදෙනකු ද සිටින බව මොස්කව් පොලිසිය පවසයි. සිද්ධියෙන් තිදෙනෙක් දිවි ගලවා ගත්හ.
මොස්කව් නුවරට යාබදව පිහිටි රැුමෙන්ස්කි නගරයේ පිහිටි මානසික රෝහලක මෙම ගින්න හට ගෙන තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ 41 දෙනෙක් රෝහල් පරිශ‍්‍රය තුළ සිටියහ.
රෝහල් ගොඩනැගිල්ලක වහළයේ විදුලි කාන්දුවක් නිසා ගින්න හටගෙන ඇත. ඉන් පසුව ගින්න ශීඝ‍්‍රයෙන් රෝහල් ගොඩනැගිලිවලට පැතිරී ගියේය. ගින්නට හසුවූ එක් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම දැවයෙන් ඉදි කළ ගොඩනැගිල්ලක් බව රෝහලේ වෛද්‍යවරයෙක් කීය.
සිද්ධිය සැල වූ වහාම ගිනිනිවන භටයෝ රෝහල් භූමිය වෙත පැමිණ ගින්නට කොටුවී සිටි රෝගීන් හා රෝහල් සේවකයන් බේරා ගැනීමට යුහුසුලූ වූහ. ගින්න මුළුමනින්ම නිවාදැමීම සඳහා ගිනිනිවන භටයන් සියයකට ආසන්න පිරිසක් යෙද වූ බව මොස්කව් බලධාරියෙක් පැවැසීය.
මත්කුඩු හා මත්පැන්වලට ඇබ්බැහි වී රෝගාතුර වූවෝ මානසික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියහ. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මොස්කව් පොලිසිය පවසයි.

ගිනිනිවන භටයන් ගින්න පාලනය කළ පසු.....

 



අදහස් (0)

රුසියාවේ මොස්කව් නුවර මානසික රෝහලක ගින්නකින් 38ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 615 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1098 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site