වර්ෂ 2003 සිට 2016 දක්වා කාලයේදී රුසියාවේ මත්පැන් පරිභෝජනය කිරීමේ ප්‍රතිශතය 43 % කින් අඩුවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මත්පැන් පානය කිරීම අඩුකිරීමට රුසියානු රජය ගත් ක්‍රියාමාර්ග ගණනාවක් හේතුවෙන් මෙම ප්‍රථිපල ලබාගැනීමට හැකිවී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසන්නේ මත්පැන් පරිභෝජනය අඩුවීම හේතුවෙන් රුසියානුවන්ගේ ආයු අපේක්ෂාව ද සැලකියයුතු ප්‍රමාණයකින් වැඩිවී ඇති බවයි.

ලෝකයේ වැඩියෙන්ම මත්පැන් පරිභෝජනය කරන රටක් ලෙස අතිතයේ රුසියාව හැඳින්වුණු අතර රැකියාවන්හි යෙදුණ පිරිමි පුද්ගලයින් වැඩිපුරම මත්පැන් පානය කළ බව සඳහන් විය.
 
 කෙසේවුවද මත්පැන් පානය කිරීම අඩුකිරීමේ සැලසුම් හඳුන්වා දුන් පසු ඒ ආශ්‍රිත මරණ සංඛ්‍යාව ද බෙහෙවින් අඩුවී ඇත.
 
රුසියාවේ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙඩ්වෙව්ගේ පාලන කාලයේදි මෙම මත්පැන් පාලන සැලසුම් ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරුණු අතර මත්පැන් සඳහා පනවන ලද බදු ඉහල දැමීම, වෙළඳ දැන්වීම් සීමා කිරීම හා මත්පැන් විකිණීම සඳහා කාල සීමා පැනවීම ආදී නීති රැසක් ක්‍රියාත්මක කෙරිණි.

(බීබීසී ඇසුරිණි - 085)