IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


රුසියාවේ මත්පැන් පාරිභෝජනය සියයට 43 කින් අඩුවෙලා

වර්ෂ 2003 සිට 2016 දක්වා කාලයේදී රුසියාවේ මත්පැන් පරිභෝජනය කිරීමේ ප්‍රතිශතය 43 % කින් අඩුවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මත්පැන් පානය කිරීම අඩුකිරීමට රුසියානු රජය ගත් ක්‍රියාමාර්ග ගණනාවක් හේතුවෙන් මෙම ප්‍රථිපල ලබාගැනීමට හැකිවී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසන්නේ මත්පැන් පරිභෝජනය අඩුවීම හේතුවෙන් රුසියානුවන්ගේ ආයු අපේක්ෂාව ද සැලකියයුතු ප්‍රමාණයකින් වැඩිවී ඇති බවයි.

ලෝකයේ වැඩියෙන්ම මත්පැන් පරිභෝජනය කරන රටක් ලෙස අතිතයේ රුසියාව හැඳින්වුණු අතර රැකියාවන්හි යෙදුණ පිරිමි පුද්ගලයින් වැඩිපුරම මත්පැන් පානය කළ බව සඳහන් විය.
 
 කෙසේවුවද මත්පැන් පානය කිරීම අඩුකිරීමේ සැලසුම් හඳුන්වා දුන් පසු ඒ ආශ්‍රිත මරණ සංඛ්‍යාව ද බෙහෙවින් අඩුවී ඇත.
 
රුසියාවේ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙඩ්වෙව්ගේ පාලන කාලයේදි මෙම මත්පැන් පාලන සැලසුම් ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරුණු අතර මත්පැන් සඳහා පනවන ලද බදු ඉහල දැමීම, වෙළඳ දැන්වීම් සීමා කිරීම හා මත්පැන් විකිණීම සඳහා කාල සීමා පැනවීම ආදී නීති රැසක් ක්‍රියාත්මක කෙරිණි.

(බීබීසී ඇසුරිණි - 085)
 
 



අදහස් (2)

රුසියාවේ මත්පැන් පාරිභෝජනය සියයට 43 කින් අඩුවෙලා

සමන්ත බණ්ඩාර Thursday, 03 October 2019 09:12 AM

ඔන්න අපේ රටටත් ඉගෙන ගන්නවා නම් පාඩම්...

:       0       1

chinthaka Thursday, 03 October 2019 12:18 PM

අපේ ජනධිපති අපේක්ෂක සජිත් මැතිතුමාගේ ප්‍රධාන සම්බන්ධීකාරක ධුරය දරන "මංගල" ඇමතිතුමා නම් කියන්නේ ඊට වෙනස් කතාවක්. එය යෝජනා කරේ පෝය ඇතුළු සියලුම දිනවලත්, රාත්‍රී 12 දක්වාත් මත්පැන් සැල් විවුර්තකර තැබීමෙන් මත්පැන් පරිභෝජනය අඩු වෙනවා කියලයි. කෝ අපේ හාමුදුරුවරුන් සහ කාදිනල්තුමා විරුද්ධවෙලා වැඩේ අවුල් කරානේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6121 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 314 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 344 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1278 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site