රුසියාවට අයත් පෙරදිග රුසියාව යනුවෙන් හැඳින්වෙන ප‍්‍රදේශයේ පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ (4) ආරම්භ විය. ආක්ටික් සයුරේ සිට පැසිෆික් සයුර තෙක් විහිදී ඇති හිමෙන් ගහන ප‍්‍රදේශයත් පෙරදිග රුසියාවට අයත් වෙයි. අධික සීතල දේශගුණයක් පවතින එම ප‍්‍රදේශයේ වෙසෙනුයේ කුඩා ජනගහනයකි. ඊයේ එම මැතිවරණය පැවැත්වුණේ රුසියාවේ මීළඟ ජනපතිවරණයට මාස 3 ක් තිබියදීය. ලබන වසරේ පැවැත්වෙන එම ජනාධිපතිවරණයට වත්මන් රුසියානු අගමැති ව්ලැඩිමීර් පුටින් ද ඉදිරිපත් වේ. පුටින්ගේ ජනපි‍්‍රයත්වය පෙන්නුම් කිරීමට ඊයේ ඇරැඹුණු මැතිවරණය ඉවහල් වනු ඇති බව රුසියාවේ දේශපාලන විචාරකයෝ පවසති. කෙසේ නමුත් ජනමත සමීක්ෂණවලින් පෙනීගොස් ඇත්තේ පුටින් නායකත්වය දරණ ‘එක්සත් රුසියා’ පක්ෂයට මැතිවරණයෙන් ජය හිමිවනු ඇති බවය.