රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපය පිහිටි ප‍්‍රදේශය ඊයේ(24) රික්ටර් පරිමාණයේ ප‍්‍රබලත්වය ඒකක 8.2 සටහන් කළ භූමිකම්පාවකින් කැළැඹී ගියේය.
භූමිකම්පාවෙන් කිසිදු දේපොළ හෝ ජීවිත හානියක් නොවුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
භූමිකම්පාව සිදු වූයේ කම්චැට්කා අර්ධද්වීපයට කිලෝමීටර් 600ක් පමණ බටහිරින් පිහිටි ඔක්හොට්ස් මුහුදු පත්ලේ බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
කම්චැට්කා අර්ධද්වීපය පිහිටා ඇත්තේ පැසිෆික් භූතැටි එකිනෙක හමුවන නිරතුරු භූමිකම්පා ඇති වීමේ අවදානමක් පවතින ප‍්‍රදේශයකය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd