දකුණුදිග රුසියාවට ඇදහැළෙන මහ වැසි හේතුවෙන් ප‍්‍රදේශ රැසක හදිසි ජල ගැලීම් හටගෙන ඇති අතර පුද්ගලයෝ 135 දෙනෙක් ඊට බිලිවූහ. ලක්ෂ ගණනකට උන්හිටිතැන් අහිමි විය. ජල ගැලීම්වලින් වඩාත් හානි සිදුවූයේ ක‍්‍රැසෙන්ඩෝර් ප‍්‍රාන්තයටය. ක‍්‍රැසෙන්ඩෝර් ප‍්‍රාන්තය කි‍්‍රස්මික් නගරයේ පමණක් 67 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව බලධාරීහු පවසති. රුසියානු පුවත් සේවා වාර්තා කළ අන්දමට රුසියා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ජල ගැලීම් තත්ත්වය මෙයයි. මහ වැසි සමඟ හමා යන ප‍්‍රචණ්ඩ සුළං හේතුවෙන් ගස් කඩා වැටී මාර්ග අවහිර වී ඇති අතර විදුලි බල සැපැයුම්වලට ද බාධා එල්ල වී තිබේ. රුසියානු බලධාරීන් ප‍්‍රකාශ කළේ විපතට පත් වූවන්ට සහ උන්හිටිතැන් අහිමිවූවන්ට ආධාර කිරීමට සහන සේවකයන් 1,500 දෙනකු යොදවා ඇති බවය. මීට අමතරව අවදානම් ප‍්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට හමුදාව යොදවා ඇතැයි ද වාර්තා වේ. සියයකට ආසන්න පිරිසක් මේ වනවිට අතුරුදන්ව ඇති බවත් එම පිරිස සෙවීමට සහන සේවා නිලධාරීන් යුහුසුළුව කටයුතු කරන බවත් රුසියානු මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටී.
1
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.