IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රුසියාවෙන් බ්‍රිතාන්‍යයට පිළිතුරක්

අස්තානාහිදීය (ඒ.එෆ්.පී)
 
බ්‍රිතාන්‍යයේ සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 23 දෙනා පිහිටුවල් කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස රුසියාවේ සිටින බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිටුවහල් කිරීමට කටයුතු කරන බව රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් අද (16) ප්‍රකාශ කළේය. 

 
බ්‍රිතාන්‍ය රජයේ ආරක්ෂාව යටතේ එරට වාසය කළ රුසියානු කේ.ජී.බීහි හිටපු ඔත්තු සේවා සපයන්නකු වන සර්ගේ ස්ක්‍රිපාල් ඝාතනය කිරීමට ගත් උත්සහාය පිටුපස රුසියාව සිටින බවට චෝදනා කරමින් බ්‍රිතාන්‍යයේ සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් එරටින් පිටුවහල් කරන බව අගමැතිනි තෙරේසේ මේ ප්‍රකාශ කිරීමත් සමඟ රුසියානු විදේශ අමාත්‍යවරයා ඉහත තීරණය ප්‍රකාශ කළේය. 
 
සර්ගේ ස්ක්‍රිපාල් රුසියාවට පමණක් නොව බ්‍රිතාන්‍යයට ද ඔත්තු සේවා සැපයූවකු බව පැවසේ. 
 
බ්‍රිතාන්‍යය ගත් ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර දක්වන්නේදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සර්ගේ ලැව්රෝව් එම කරුණු කීය.
 
“ඔව් ඇත්ත වශයෙන්ම අපි ප්‍රතිචාර දක්වනවා” යැයි සර්ගේ ලැව්රෝව් පැවැසීය. 
 
සිරියානු සිවිල් යුද්ධය සම්බන්ධයෙන් කසක්ස්තානයේ අස්තානා අගනුවර පැවැත්වෙන සාකච්ඡාවලට සහභාගී වන අතරවාරයේදී රුසියානු අමාත්‍යවරයා මෙම කරුණු කීවේය. බ්‍රිතාන්‍යයේ ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර දක්වමින් අපි කඩිනමින් රුසියාවේ සිටින බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිටුවහල් කරනවා යැයි හෙතෙම කීවේය. 
 
ස්ක්‍රිපාල් ඉලක්කර කරගැනීමට අපට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ද රුසියානු විදේශ අමාත්‍යවරයා පැවැසීය. 
ස්ක්‍රිපාල්ට එල්ල වූ ප්‍රහාරය විවේචනය කරමින් බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ජර්මානු සහ ඇමෙරිකා එක්සත් ජනපද නායකයෝ බ්‍රහස්පතින්දා (15) ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කළහ.  
 
055



අදහස් (1)

රුසියාවෙන් බ්‍රිතාන්‍යයට පිළිතුරක්

victor Saturday, 17 March 2018 05:43 PM

මාර්තු 18 රුසියාවේ ඡන්දෙ. ජනාධිපති තෝරාගන්න .මේ වැඩ පුටින්ට විරුද්දව කරන දේවල්. පුටින් මාර්තු 19 වෙනිදා රුසියාවේ අලුත් ජනාදිපති . මහා යයි කියා ගන්න බ්‍රිතාන්‍ය නිකන් තෙල් පුච්ච ගන්නවා

:       104       123

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 302 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site