IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රුසියානු ජනපති පාප්තුමා බැහැදකී

යුක්රේනයේ කතෝලික නායකයා වතිකානුවට පැමිණීමට දිනකට පෙර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් බැහැ දුටුවේය.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් සමඟ අර්ථාන්විත සහ ඵලදායී කතාබහක් සිදු වූ බවත් ඊට කෘතඥ වෙන බවත් පාප්තුමන් බැහැ දැකීමෙන් අනතුරුව රුසියානු ජනාධිපතිවරයා කීය. 

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මීට පෙර අවස්ථා දෙකකදී පාප්තුමන් බැහැ දැක තිබෙන අතර මෙවර ඔහු පැමිණියේ පැයක් ප්‍රමාද වීය. රුසියානු ජනාධිපති පුටින් පාප්තුමන් බැහැ දුටු පළමු අවස්ථාවේදී මිනිත්තු 50ක් ප්‍රමාද වූ අතර දෙවැනි අවස්ථාවේදී පැයකට වඩා වැඩි කාලයක් ප්‍රමාද විය.

පාප්තුමන් බැහැ දකින ලෝක නායකයන් ඇතැම් අවස්ථාවලදී නියමිත වේලාවටත් කලියෙන් පැමිණෙන අතර රුසියානු ජනාධිපතිවරයා අවස්ථා ත්‍රිත්වයේදීම ප්‍රමාද වීම සාමාන්‍යයෙන් සිදු නොවන දෙයක් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. රුසියානු ජනාධිපතිවරයා පාප්තුමන් පළමු වරට බැහැ දුටුවේ 2013 වසරේ වන අතර දෙවැනි වරට බැහැ දුටුවේ 2015 වසරේදීය. 

රුසියානු ජනාධිපතිවරයා සහ පාප්තුමන් අතර කතාබහ විනාඩි 55ක් මුළුල්ලේ පැවැත්විණි. “මා වෙනුවෙන් වෙන් කළ කාලයට ස්තූතියි” යනුවෙන් කතාබහ අවසානයේදී රුසියානු ජනාධිපති පුටින් කීය.

පාප්තුමන් සහ රුසියානු ජනාධිපතිවරයා අදහස් හුවමාරු කරගත්තේ පරිවර්තකයන්ගේ සහායෙනි. පාප්තුමා සහ රුසියානු ජනාධිපතිවරයා අතර සිදු වූ කතාබහේදී සිරියාව, යුක්රේනය සහ වෙනිසියුලාවේ තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණු බව වතිකානය නිකුත් කළ නිවේදනයේ දැක්විණි. 

රොයිටර් ඇසුරිනි 

055

 



අදහස් (0)

රුසියානු ජනපති පාප්තුමා බැහැදකී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site