වසර දේසීයකට ආසන්න කාලයක් පැරණි ඇමරිකානු ඩොලර් ලක්ෂ 20 ක වටිනාකමින් යුත් රත්‍රන් යෂ්ටියක් රැගෙන ආර්ජන්ටිනා දේශසීමාව හරහා පැනයාමට තැත්කල පැරගුවේ ජාතිකයන් දෙදෙනෙක් අත් අඩංගුවට ගත් බව ආර්ජන්ටිනා පොලිසිය උපුටා දක්වමින් විදෙස් ප්‍රවෘත්ති සේවා වාර්තා කරයි.

එරට පොලීසිය පවසා ඇත්තේ කිලෝ ග්රෑම් 25 ක් බරැති රන් යෂ්ටියේ පැරගුවේ මහ බැංකුව 1824 ලෙස කොටා තිබු බවයි.

අත්අඩංගුවට පත් එක් පුද්ගලයෙක් පවසා ඇත්තේ ඇමරිකානු ඩොලර් 50000 ක පමණ මුදලක් ගෙවා ස්වදේශිකයන් කණ්ඩායමකින් මෙම යෂ්ටිය මිලයට ගත් බවයි.

ස්කෑනර් යන්ත්‍රයක් උපයෝගි කරගනිමින් කරණ ලද පරික්ෂාවකදී අත් අඩංගුවට පත් රන් යෂ්ටිය වාහනයක මගී ආසනයක් පතුලේ සඟවා තිබි සොයාගෙන තිබේ.

එරට වාර්තා වල දැක්වෙන්නේ මෙම රන් යස්ටිය ක්‍රිව 1864 – 1870 දක්වා ආර්ජන්ටිනාව බ්‍රසියලය සහ පැරගුවේ යන රටවල් සමග ත්‍රිත්ව සන්ධානය පැවති යුධ සමයේදී දී සේප්පුවක දමා ආරක්ෂා සහිතව වළලා තිබු එකක් යැයි සැකයක් පවතින බවයි.