අනාගතයේ අඟහරු මත අභ්‍යාවකාශ යානා ආරක්ෂිතව ගොඩබැස්විය හැක්කේ කෙසේදැයි සොයාබැලීමට නාසා ආයතනය පසුගියදා කළ අත්හදාබැලීමක් වැරදී ගියේය.
අගහරුගේ කක්ෂයට ඇතුළත්වූ පසු යානය විසල් පැරෂූටයක් ආධාරයෙන් ග්‍රහයා මත පහත්කරවීම දැනට නාසා විද්‍යාඥයින්ගේ සැළසුම වන අතර එම පැරෂූටයට යානය ග්‍රහයා වෙත ඇදී එන වේගය හරිඅඩකින් අඩු කිරීමට හැකියාව තිඛෙන බව පැවසේ.
මෙම පැරෂූටය සවිකර තිඛෙන විශේෂ ඒකකය හැදින්වෙන්නේ අඩුඝණත්ව අතිධ්වනි මන්දකය ලෙසය.
මෙම ඒකකයේ ක්‍රියාකාරීත්වය පසුගියදා හවායි දූපත් ප්‍රදේශයේදී පැහැදිලි කරදීමට නාසා ආයතනයේ විද්‍යාඥයින් උත්සාහ කළ අතර මෙම ඒකකය පෘථීවියේ වායුගෝලයේ ඉම දක්වා ගෙනගොස් එය පහළට වැටීමට සළස්වා පසුව පැරෂූටය ක්‍රියාත්මක කරවීමෙන් එය පොළවට ඇදී එන වේගය පාලනය වන ආකාරය පෙන්වීම ඔවුන්ගේ අරමුණ විය.
ඒකකය අභ්‍යාවකාශය දක්වා යෑම තෙක් සියලූ කටයුතු නිසියාකාරව සිදුවුනි.නමුත් පහළට වැටීමේදී විද්‍යාඥයින් අපේක්ෂාවෙන් සිටි පරිදි පැරෂූටය ක්‍රියාත්මක වූයේ නැත.සියල්ල දැවී විනාශවී ගියේය.
තාක්ෂණික දෝශයක් මෙසේ පැරෂූටය ක්‍රියාත්මක නොවීමට හේතුව යැයි පැවසේ.
අදහස අත්හැරීමට නාසා විද්‍යාඥයින් සූදානම් නොමැති අතර බරැති උපකරණ අගහරු වෙත ගොඩබැස්වීමේදී මෙම ක්‍රමය ඛෙහෙවින් උපකාරීවනු ඇති බව ඔවුන් කියයි.
වැරදි නිවැරදි කරගෙන තවදුරටත් මෙම ඒකකය දියුණු කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

![2723CCD200000578-3017944-In_June_the_vehicle_will_be_sent_into_near_space_from_the_Navy_s-a-21_1427719788296[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/2723CCD200000578-3017944-In_June_the_vehicle_will_be_sent_into_near_space_from_the_Navy_s-a-21_14277197882961.jpg)
![2723D16D00000578-3017944-image-a-25_1427719902321[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/2723D16D00000578-3017944-image-a-25_14277199023211.jpg)
![2974822300000578-3115787-image-a-27_1433789682329[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/2974822300000578-3115787-image-a-27_14337896823291.jpg)
COMMENTS
මහා පොළොව පුරා රසායන ද්‍රව්‍ය වපුරලා, මහා පොළොව යට තිබුණු තෙල් උඩට අරගෙන පුච්චලා වායු ගෝලයත් විනාශකරලා, රූපවාහිනිය වීඩියෝව ඉන්ටනෙට් පුරුදු කරලා එක් එක් ජාතීන්ට උරුමවෙලා තිබුණු සංස්කෘතිය සහ සභ්‍යත්වය විනාශ කරලා, ජාන වෙනස් කළ සත්ව ශාක ලෝකය පුරා වපුරලා, තිබුන සමතුලිත තත්වයත් කාලා දාලා, දැන් කට්ටිය අඟහරු පැත්තට පනින්නයි යන්නේ. හැබැයි ඉතින් අඟහරු ලෝකේ පොළොව යටවත් සත්ව කොට්ඨාශයක් හිටියොත් උන්ගේ අහේතුව තමයි. (නි)
ඇති යන්තම්. නැත්නම් මගේ අඟහරු මහ දශාවේ ප්‍රතිඵල වෙනස් වෙන්න තිබුණා. (නි)
අනේ මේ, ඔන්න ඕක ඉක්මන් කරලා කරගන්න බලමු. මේ දවස් වල අපිට නිදහසේ පන්සලකටවත් යන්න බැහැ (නි)
ඔය නසා ආයතනය සල්ලි කන කටමැත දොඩවන ආයතනයක් විතරයි. රුසියාව නැත්නම් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉන්න මිනිස්සු කන්න නැතුව මැරෙනවා. එයාලට අත්අල්ල ගෙනයන්න තරම් ප්‍රබල රොකට්ටුවක්වත් හදන්න බැරිවුණා.(අ)
නමුත් උත්සාහය අගයකළ යුතුයි (නි)