යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රධානී මාර්ටින් ස්කල්ස් සිය තනතුරින් ඉවත්වන බවත් ලබන වසරේ පැවැත්වෙන ජර්මනියේ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කිරීම ඊට හේතුව බවත් සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා වීම තමාගේ අපේක්ෂාව බව ඔහු කියයි.
නමුත් වත්මන් ජර්මන් චාන්සලර්වරිය වන ඇන්ජෙලා මාර්කෙල් ට එරෙහිව තරග වදින බවක් ඔහු මෙතෙක් ප්‍රකාශ කර නැති බවත් වාර්තාවේ.
‘මම නැවති යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස තුන්වැනි වරටත් කටයුතු කිරීමට යන්නේ නෑ. මම ජර්මන් පාර්ලිමේන්තු මැතිවරණයේ මගේ පක්ෂයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනවා. ඒක පහසු තීරණයක් නොවේ. යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වීම ගෞරවයක්.‘ යැයි ඔහු මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇත.
COMMENTS
මෙවන් පුවත් ගෙනඑන ලංකාදීපයට ස්තූතියි! (නි)
මෙයාට ඉතාලියේ බලස්කොනි මහත්තයා කීවේ, මෙයා හරියට පරණ නට්සි මුරකරුවෙක් වගෙයි කියාලා. (හේ)
අන්න ඒකටත් එක්ක මෙහේ? (නි)