යේමනයේ බන්ධනාගාරයෙන් පෙරේදා (27) පළා ගිය ප‍්‍රධාන පෙළේ අල් කයිඩා සාමාජිකයන් පස් දෙනකු අසල්වැසි ඕමානයට ඇතුළුවී ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි යේමන ආරක්ෂක අංශ පවසයි. අල් කයිඩා සාමාජිකයන් පස් දෙනාම පළා ගොස් ඇත්තේ උතුරුදිග යේමනයේ හොඩෙයිඩා බන්ධනා - ගාරයෙනි. ඔවුන් සමඟ තවත් රැඳෙවියෝ 23 දෙනෙක් ද පළා ගියහ. රැඳෙවියන්ට පළා යෑමට හැකි වී ඇත්තේ බන්ධනාගාර නියාමක වරුන්ගේ නොසැලකිල්ල නිසා යැයි යේමන රජය පවසයි. ඒ ගැන විශේෂ පරීක්ෂණයක් පැවැත් වෙන බව ද වාර්තා වේ. මේ අතර ඕමානයේ ආරක්ෂක අංශ සමඟ එක් වී එරටට ඇතුළුවූ අල් කයිඩා සාමාජිකයන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් ඒ සඳහා ඕමාන බලධාරීන්ගේ සහාය නොඅඩුව ලැබෙන බවත් යේමන රජය පවසයි.
1
6 ශ්‍රේණියේ මොඩියුල අවුල: රජයේ බුද්ධි සේවා කුමන්ත්රණකරුවන් ලුහුබඳියි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd