කේම්බ්‍රිජ්ශයර් හි පැවති සැහැල්ලු ගුවන්යානා තරඟයක දී අනතුරකට ලක්වූ යානයෙන් පැන ගත් 70 හැවිරිදි පුද්ගලකු දිවි බේරාගැනීමට සමත්වූයේය. යානය අඩි 4500 ක් ඉහළ අහසේ දී තවත් එවැනිම යානයක ගැටීමෙන් මේ අනතුර සිදුව ඇත.
ඇන්ඩි පීටර්සන් නමැති මේ පුද්ගලයා දරුවන් දෙදෙනකුගේ පියෙකි. මුණුපුරන් දෙදෙනකුගේ සීයා කෙනෙකි. අනතුර සිදුවූ වහාම යානයෙන් එළියට පැමිණි ඔහු ගුවන්යානය අතහැර දමා පැරෂුටයක ආධාරයෙන් බිමට පැන ගත්තේය.
තරඟය නරඹමින් සිටි පුද්ගලයෝ මේ අනතුර ඡායාරූපයට නැගූහ. යානයේ තටුවක් කැඩී ගොස් යානය බිම පතිත වී ඇත.
‘‘ ඒ මොහොතේ මට බය සිතුණා. නමුත් ක්ෂණිකව සියළු තීරණ ගත්තා. පුහුණුවීම් වලදී ලබා තිබූ අත්දැකීම් ප්‍රයෝජනයට ගත්තා. මෙය ගුවනේ දී සිදුවූ මෝටර් රථ අනතුරක් හා සමානයි. මා සිතනවා මා හරිම වාසනාවන්තයි කියා. “
ගොවියකු ලෙස දිවි ඇඹූ පීටර්සන් වසර 19ක කාලයක් පුරා සැහැල්ලු ගුවන් යානා තරඟවලට සහභාගී වන්නෙකි. ඔහු පවසන්නේ තමන්ගේ පියාසර දිවියේ නරකම සිද්ධිය මෙය බවයි.
අනතුරට පත්වූ අනෙක් යානයට එතරම් හානියක් සිදුව නැත. එහි නියමුවා යානය සුරක්ෂිතව ගොඩබස්සවා ඇත.
2025 ඔක්තෝබර් මස 08
1352
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1261
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
461
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යානා දෙකක් ගැටී ගුවනේ දී අනතුරක්