ගර්භනී සමය තුල කාන්තාවන් යෝගී ව්‍යායාම වල යෙදීමෙන් මානසික ආතතිය සහ ප්‍රසූතියට ඔවුන් තුල ඇති බිය අඩුවන බව අධ්‍යනයකින් පෙන්වා දී ඇත .මේ සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද පළමු පර්යෙෂණය මෙය යැයි ද පර්යේෂකයෝ කියති. එක් යෝගී ව්‍යායාම් වාරයකින් ගැබිණි මව්වරුන්ගේ සාංකාව එනම් අවුල් සහගත බව තුන් ගුණයකින් අඩුවන බව මෙමගින් තහවුරු කරගෙන ඇත.
මාස දෙකක යෝගි පන්ති වලට සහභාගීවීමෙන් මෙම මව්වරුන්ගේ ආතතිය හා සම්බන්ධ හෝර්මෝනයේ මට්ට ම පහළ ගොස් ඇත. පරීක්ෂණයට සම්බන්ධ වූ ගැබිණි මව්වරු පවසා ඇත්තේ දරුවා ප්‍රසූත කිරීමට තිබු බිය ඉතාමත්ම අඩුවු බවයි. දැනටමත් එංගලන්තයේ ජාතික රෝහල් යෝගි ව්‍යායාම ගර්භනී මව්වරුනට ලබා දීම සඳහා ඒ පිලිබඳ ව දැනුමැති විශේෂඥයින් කැඳවා ඇත.
ප්‍රසව හා නාරිවේදය පිලිබඳ විශේෂඥයෙක් වූ මහාචාර්ය ජෝන් ඇප්ලින් යෝග ව්‍යායාම මගින් කාන්තාවන්ගේ දරු ප්‍රසූතියේදී ඇතිවන ප්‍රසව වේදනාව සාර්ථකව මර්ධනය කර ගැනීමට ද සිසේසිරියන් වැනි හදිසි සැත්කම් විශාල ලෙස අඩුකර ගැනීමට ද හැකි බව පෙන්වාදෙයි.
මෙම ව්‍යායාම ක්‍රියාවට මව්වරුනගේ සහ ළමුන්ගේ සෞඛ්‍ය සම්පන්න බව වැඩි වන බවත් දීර්ඝ කාලීනව සෞඛ්‍ය සේවා වෙනුවෙන් වැයකරණ වියදම් ද අඩුකර ගත හැකි බවත් මහාචාර්ය ජෝන් ගේ අදහසයි.
මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් ගර්භනී තත්වයට සති 22 ක් වන මව්වරුන් කංඩායම් දෙකක් තොරා ගැණිනි. මෙයින් මව්වරුන් අර්ධයක් සතියකට වරක් පවත්වන ලද යෝගී ව්‍යායාම පන්ති සදහා මාස දෙකක කාලයක් සහභාගි වු අතර ඉතිරි අර්ධයේ මව්වරුන් සායනික දැනුම්වත් කිරීම සඳහා පමණක් පන්ති සඳහා එක්විය.
පර්යේෂණයේ ප්‍රධානි නිව්කාසල් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ජේම්ස් නිව්හැම් මෙසේ පවසයි.
‘‘ අපි දීර්ඝ කාලයක් මෙම ව්‍යායාම මගින් සාර්ථක ප්‍රතිපල ලඟාකර ගතහැකියැයි විශ්වාස කළා. එසේ වුවත් මේ ගැන විධිමත් පරීක්ෂණයක් මෙතෙක් සිදුකැර තිබුණේ නැහැ. මේ පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව දැන් මව්වරුන්ට වඩාත් සහය දිමේ හැකියාව ලැබෙනවා.“
2025 දෙසැම්බර් මස 18
105
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යෝගී ව්‍යායාම දරු ප්‍රසූතියට පහසුවක්
දයා අලහකෝන් Sunday, 04 May 2014 11:24 AM
ඒ විතරක් නොවෙයි යෝගී ව්‍යායාම ආයුබල වඩවනවා. (ස)