IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


යුක්රේනයෙන් තානාපති නිලධාරීන් ගෙන්වා ගනී

යුක්රේනය සහ රුසියාව අතර යුධ උණුසුම වැඩි වෙත්ම ජර්මනිය, එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය, යුක්රේනයේ කිව් අගනුවර හි පිහිටි තම තානාපති කාර්යාල වල සිටින කාර්ය මණ්ඩල සාමජිකයන් ගෙන් යම් ප්‍රමාණයක් සහ තානාපති කාර්යාල මත යැපෙන සෙසු පුද්ගලයන් ඉවත් කර ගැනීමට තීරණය කර ඇතැයි යුක්රේන විදේශ අමත්‍යාංශය පවසයි.

යුක්රේන විදේශ අමත්‍යාංශය මෙම රටවල් හතර  ගත් තීරණය සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙසේ තානාපති කාර්යාලවලින් කාර්යාල මණ්ඩල සාමාජිකයින් යම් පිරිසක් ඉවත් කර ගැනීමට ගත් තීරණය පිළිබද තමන් කණගාටුවට පත් වෙන බවත් එය කාලෝචිත නොවන බවත්ය.

වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ යුක්රේනයේ තානාපති කාර්යාල 129 ක් තිබෙන බවත් අනිකුත් තානාපති කාර්යාල සාමාජිකයන් ඉවත් කර නොගන්නා බවට සහතිකයක් තමන්ට ලබා දී ඇති බවය.

ඇමෙරිකා එක්සත් ජනපදය තමන් යුක්රේනයට හමුදා යවන්නේ නැති බව පැවසුවත් නේටෝ සංවිධානය යුක්රේනයට හමුදා යැවීමට තීරණය කළහොත් උදව් දීම සදහා 8,500 කින් යුත් හමුදා කණ්ඩායමක් සීරුවෙන් සිටින බව පෙන්ටගනය පවසයි.

රුසියාවෙන් එල්ල කරන පීඩනයට පොදු සැලස්මක් සාකච්චා කිරීම සදහා සඳුදා දින ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් යුරෝපයේ මිත්‍ර රාජ්‍ය සමග වීඩියෝ හමුවක් සාකච්චාවක් පවත්වා ඇත.

එකසත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන්, ප්‍රංශයේ ජනාධිපති එමානුඑල් මැක්රෝන්, ජර්මානු චාන්සලර් ඕලෆ් ශෝල්ස්, ඉතාලි අගමැති මාරියෝ ඩ්රාගි, පෝලන්ත ජනාධිපති අන්ඩ්රේ ඩූඩා සහ නේටෝ ප්‍රධානී ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් මෙම සාකච්චාවට සහභාගී වූහ.

එමෙන්ම නේටෝ සාමාජික රටවල් කිහිපයක් ඩෙන්මාර්කය ,ස්පාඤ්ඤය,නෙදර්ලන්තය සහ ප්‍රංශය දැනටමත් ප්‍රහාරත ගුවන් යානා සහ යුධ නැව් රුසියාවෙන් තර්ජනයක් එල්ල වුවහොත් එය සාර්ථකව මැඩ පැවැත්වීමට නැගෙනහිර යුරෝපය  වෙත යැවීමට තීරණය කර ඇත

(විමුක්ති එස්. රුද්‍රිගු - අල් ජසීරා)



අදහස් (0)

යුක්රේනයෙන් තානාපති නිලධාරීන් ගෙන්වා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site