බටහිර ඉන්දියාවේ සුරත් නුවර සිට දිල්ලි දක්වා යාමට ගුවන්ගත කරමින් තිබූ යානයක මී හරකකු ගැටීම හේතුවෙන් ගමන අවලංගු කර එහි සිටි මගීන් 146 දෙනකු වෙනත් යානයකට නංවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ බොයිං 737 – 800 නමැති යානයකි. ඉන්දීය ගුවන් බලධාරීන් පවසන්නේ මේ ගුවන්තොටුපොළෙන් දිනකට ගුවන් යානා තුනක් පමණ ගුවන්ගත කරන බවයි. මී හරකා වැදීමෙන් යානයේ එන්ජිමට හානි සිදුව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
COMMENTS
එතකොට මී හරකට මොකද වුණේ ? (බ)
අනිවාර්යයෙන්ම මේ ගුවන් යානයේ බන්දුල පෙරේරා ඉන්න ඇති. එයා නිතරම සභාවේදී අනෙක් අයව සුරතලේට අමතන නමින් යුතු සතෙක්ම යානය ලගට ඇවිල්ල තියෙන්නේ එ්කයි. (නදී)
අනිල් -මීහරකා ඇතුල් වෙලා තියෙන්නේ උගේ කකුල් වලින්. (ස)
කොහොමද මී හරකා ගුවන් තොටුපලට ඇතුළු වුනේ.(හේ)
මත්තල කුරුල්ලෝ හැප්පෙනවා කියලා මැරෙන්න හැදුවට , ඔය පිටරටවල මී හරක් හැප්පෙන්නේ . අනේ දෙයියනේ ඔය කියන ගුවන් තොටුපොල වටේ අඩු ගන්නේ කටු කම්බි වැටක්වත් නැත්ද .(හේ)
මට අපේ මත්තල ගුවන් තොටුපොළ මතක්වුණා (නි)
කලාතුරකින් වෙන සිද්ධියක්.(හේ)