කසකස්ථානයේ අල්මෙට් නුවර කමිලා මුසාබෙකොවාට (69) කසල ගොඩකින් කාඩ්බොඩ් පෙට්ටියක් හමු විය.එහි බිලිඳෙකි. කමිලා එම දරුවා හදා වඩා ගනිමින් සිටින බව කසකස්ථාන් මාධය වාර්තා කියයි.
මම එතනින් ගමනක් යන්නයි ගියේ. මට බලු පැටියකු කෑ ගහන සද්දයක් ඇහුණා. ටිකක් විපරම් කරලා බලනකොටයි ඩෑක්කේ පෙට්ටිය ඇතුළේ ඉන්න මේ පුංචි පැටියව. ඉක්මනට මම පැටියව රොහලට අරගෙන ගියා.
වෛද්‍යවරුන් කිව්වේ තව පැය කිහිපයක් දරුවා පෙට්ටිය ඈතුලේ හිටිය නම් ජිවිතය නෑති වෙන බවයි. රොහල් බලධාරින් දරුවගේ මව හෙව්වා. නමුත් හොයා ගන්න බැරි වුණා. මම දරුවව හදා ගන්න ඉල්ලුවා. මගේ වයස වැඩි නිසා දෙන්න බැහැ කිව්වා. නමුත් මම අදහස අතහැරියේ නැහැ. මගේ පුතායි ලේලියි දාලා දරුවා මගේ ගාවට ගත්තා. පැටියා දැන් හොද සනිපෙන් ඉන්නවා. කමිලා මාධ්‍ය හමුව කිවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් මේ දරුවා හරිම පින්වන්ත දරුවෙක් (නි)
මේ කාන්තාවගේ වාසනාවයි,උත්සාහයයි දැක්කම මට ඇඬෙනවා. (නි)
චමින්ද ,ස්තූතියි දැනුවත් කිරීමට. (නි)
ඕස්ට්‍රේලියාවෙත් ඉන්නවා ඉරානයේ පාරක පෙට්ටියක දාලා තිබිලා හමුවුණ පිරිමි දරුවෝ දෙන්නෙක්. හැබැයි මේ දෙන්නටම උපතින්ම අත් නැහැ. ඔවුන්ව හදාවඩා ගත්ත සුදු අම්මා ඔවුන්ව ඕස්ට්‍රේලියාවට රැගෙන එනකොට වයස මාස ගණනයි.ඔවුන් දැන් අවුරුදු විසි ගණන් වල තරුණයෝ දෙදෙනෙක්.එක්කෙනෙක් අාබාධිතයන්ගේ ඔලිම්පික් පිහිනුම් තරඟ වලින් ඕස්ට්‍රේලියාව නියෝජනය කළා.අනෙක් තරුණයා එක අවුරුද්දක "ඕස්ට්‍රේලියන් ගොට් ටැලන්ට් " හි හොඳම දහ දෙනා අතරට තේරුනා.(නි)
දරුවන් ලබන්න තමන් කළ පින් තේරෙන්නේ දරුවන් නැතුව ලත වෙන උදවිය දැක්කහමයි. වීසි කරන්න දරුවන් ලබා දෙන දෙවියන්ට බැරිද අවංකව තමන්ට දරුවෙක් නැති නිසා දුක් වෙන කෙනෙකුට දරුවෙක් ලබා දෙන්න? (නි)
මෙන්න නියම අම්මලා. දරුවාගේ වාසනාව! (නි)
නෙදර්ලන්තේ ඉන්නවා මම දන්නා කට්ටියක්.එයාලා පොඩි කාලෙදිම නිවුන්නු දෙන්නෙක්ව ගෙනාවා අරන් හදාගන්න ඉන්දුනීසියාවේ සිට.දෙන්නම ගැහැණු දරුවෝ.නෙදර්ලන්ත පවුලට ළමයි හිටියේ නැහැ.කොහොම හරි මෙයාලා සතුටින් ළමයි දෙන්නා සමඟ හිටියා.ටිකක් ලොකු වෙනකොට තමා එයාලට තේරුනේ ළමයි දෙන්නම අබ්බගාතයි කියලා. එයාලට ඇවිදින්න කතා කරන්න එහෙම බැහැ. දැන් එයාලට අවුරුදු 25කටත් වැඩියි. බලන්න ඉතින් අර හදාගන්න ගත්ත දෙපල තාමත් මොනතරම් නම් දුකක් විඳිනවද? (නි)
කොහොම වුනත් වාසනාවන්ත දරුවෙක්. කමිලාට හොඳ හදවතක් තියනවා. හොඳ අම්මා කෙනෙක්.(නදී)
තෙරුවන් සරණ වේවා චුටි දරු පැටියාට. ඔබ පව් කරලා නැහැ. ඔබ බිහි කරපු දෙමාපියන් පව් කාරයෝ. ඔය විසි කරපු පව එයාලට මේ ලොවදීම පල දෙනවා.(නදී)