හරිත තේ මගින් මනසට ඉහළ සුවයක් ලැබෙන බව නවතම පර්යේෂණයකින් හෙලි වී ඇත. මෙය මෙතෙක් සෞඛ්‍ය සම්පන්න බවින් ඉහළම උණුසුම් පානය ලෙස පිළිගෙන තිබිණි.

විද්‍යාඥයින් පවසන්නේ හරිත තේ මගින් ඥානාත්මක ක්‍රියාවන් කීපයක්ම දියුණු න බවයි. විශේෂයෙන් අපගේ මතක ශක්තිය වර්ධනය කරණ බවද ඔවුහු පෙන්වා දී ඇත.

මේ අධ්‍යයනයෙන් සොයාගෙන ඇත්තේ හරිත තේ ඩිමෙන්ෂියා නැමැති මතකය හීනවීමේ  ඇතුළු මානසික ව්‍යාකූලත්වයන්ට ප්‍රතිකාරයක් ලෙස යොදාගත හැකි බවයි.

බේසල් විශ්ව විද්‍යාලය මගින් කරණ ලද නවතම පර්යේෂණයකට අනුව පෙනී ගොස් ඇත්තේ හරිත තේ පානය මොළයේ සාධනීය සම්බන්ධතාවය ඉහළ දමන බවයි. මිනිසුන්ගේ ධාරණ ශක්තිය ඉහළ දැමීමට ද හරිත තේ පානය හේතුවන බවයි.

මින් ඉහත දී හරිත තේ පානයේ සාධනීය තත්ත්වය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකැර තිබුණ ද මෙම ක්‍රියාවට අදාල ස්නායුක යාන්ත්‍රණය පිලිබඳව කිසිවෙක් දැනසිටියේ නැත. ස්වේචාවෙන් ඉදිරිපත් වුවන්ට මතක ශක්තියෙන් විසඳිය යුතු කාර්යයන් කිපයක් විසඳීමට ප්‍රථමයෙන්  හරිත තේ පානයට සලස්වන ලදී. පසුව එම්ආර්අයි ස්කෑන් මගින් මොවුන්ගේ මොලයේ ක්‍රියාකාරිත්වය පරික්ෂාවට ලක්කිරීමේදි විද්‍යාඥයින් නිරික්ෂනය කර ඇත්තේ ‍මොලයේ පාර්ශ්වික හා බාහිකය අතර සම්බන්ධතාවය ඉතාමත් ඉහළ ගිය බවයි.  මෙම පර්යේෂණය කරණ ලද කණ්ඩායමේ ප්‍රධානි මහාචාර්ය බොග්වාර්ඩ් පවසන්නේ හරිත් තේ පානයෙන් ‍මොලයේ  කෙටි කාලීනව කාර්යක්ෂමතාව වැඩිවන බවයි.