IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහ පාරේ රජු නික්මෙයි

චීනයේ ශීජියෑන් ප්‍රාන්තයේ වෙන්ලින් ගමේ ජීවත්වූ 67 හැවිරිදි ලූ  බඕජින්  ලෝක ප්‍රසිද්ධියට පත් වුයේ ඔහුගේ ගම මැදින් කැපු අධිවේගී මහා මාර්ගයට ඉඩදී තම නිවස අතහැර යාමට එකඟ නොවීම නිසායගගමේ ඉදිවෙන නව දුම්රියපොළ යා කැරෙන මහා මාර්ගයට ඉඩ දීමට  අසල්වාසීන්  සියලුදෙනාගේ ගේදොර සමතලා වෙද්දී  තම පාරම්පරික නිවසින් ඉවත්වීමට ලූ  බඕජින් සහ ඔහුගේ බිරිය කැමති කරවා ගැනීමට බලධාරීහු අසමත් වුහ. අන්තිමේදී එම ගරාවැටුණු සිවු මහල් ප්‍රාසාදය මේ වියපත් අඹුසැමි යුවළගේ විරෝධයේ සංකේතය ලෙසට පත්කරමින් එය වටා මහාමාර්ගය ඉදිවිය. අති ශීඝ්‍රගාමී වර්ධනයක්  කරා දිවයද්දී  නව චීනය මුහුණදෙන මානුෂික හැල හැප්පිලි මුර්තිමත් කළ මෙම අනුවේදනීය සිද්ධියට ලොවවටා විවිධ මාධ්‍යයන්  ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලැබීමත් සමග ලූ  බඕජින්ට ,මහපාරේ රජ්ජුරුවෝ, යන අන්වර්ථ නාමයද පට බැදිණි. තාරාවන් ඇතිකර ජීවිතය ගැටගසාගනිමින් සරල ජීවිතයක් ගතකල ලූ  බඕජින් යුවළට මහපාරේ රජකම වැඩිකල් කරගැනීමට ඉඩකඩ ලැබුනේ නැත. ප්‍රසිද්ධිය සමගම බලධරයින්ගේ සීමාන්තික උපක්‍රම සහ බලපෑමද උත්සන්නවිය. අන්තිමේදී ලූ  බඕජින් යුවළට කරකියාගත දෙයක් නොමැතිවූ විට රජය තීන්දුකළ වන්දිය ගෙන  නිවාස අතහැර යාමට සිදුවිය. ඔවුනට තම නිවසේ එළිපත්ත පනින්නට වත් ඉඩක් ලැබුනේ නැත. දැවැන්ත බුල්ඩෝසර සහ කැණීම් යන්ත්‍ර කඩාවැදී ඉතිරිවී තිබූ අබලන් ලූ  බඕජින් මාලිගාව පොළවට සමතලා කළේය.   සබැඳි පුවත් ..... වන්දි නොලැබී තවමත් අධිවේගයේ



අදහස් (0)

මහ පාරේ රජු නික්මෙයි

අරෝෂ් Tuesday, 04 December 2012 02:04 PM

මානුෂීය අයිතීන් කෝ .(ස)

:       0       0

ජනක Sunday, 02 December 2012 04:20 PM

එල කොල්ලෙක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site