කොළඹදීය (ඒ.එෆ්.පී)
ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ මාලදිවයිනේ පළමු ජනාධිපති මොහොමඞ් නෂීඞ්ට එල්ල වී තිබූ ත්‍රස්තවාදී චෝදනා ඉවත් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) පියවර ගත්තේය.
ත්‍රස්තවාදී චෝදනා එල්ල කරමින් මොහොමඞ් නෂීඞ් ඊට වරදකරු කිරීමට අධිකරණය මීට පෙර පියවර ගෙන තිබූ අතර ඔහුට වසර 13ක සිරදඬුවමක් ද නියම කර තිබිණි. එම තීරණයෙන් පසු නෂීඞ් මාලදිවයිනෙන් පිටුවහල් කළේය.
මොහොමඞ් නෂීඞ්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේ වැරැදි ආකාරයට යැයි ද 2015 දී අදාළ චෝදනාවලට ඔහු වරදකරු නොකළ යුතුව තිබුණේ යැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය. මොහොමඞ් නෂීඞ් ත්‍රස්ත චෝදනාවලට වරදකරු කළ අවස්ථාවේදී එය දේශපාලන වුවමනාවක් මත කරන ලද්දක් යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.
විදෙස් ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය බව පවසමින් මොහොමඞ් නෂීඞ් රටින් පිට වූ අතර ඔහු රටින් පිටුවහල් කළ බව එවකට පාලනය එම අවස්ථාවේදී නිවේදනය කළේය.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd