ඉන්දීයානු මහ බැංකු අධිපතිවරයාගේ හදිසි ඉල්ලා අස්වීමෙන් දිනකට පසු ඉන්දීය රුපියල කඩා වැටී තිබේ.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියල 1.2% කින් පහළ ගොස් ඇති අතර ආයෝජකයන්ගේ ප්‍රතිචාර දැක්වීමත් සමඟම කොටස් වෙළඳපොලේ ද පහළ බැසීමක් සිදුවී තිබේ.
ඉන්දීය මහ බැංකු අධිපති උර්ජිත් පටෙල් මහතා ඔහුගේ තෙවසරක පදවි නාමයෙන් ද ඊයේ (10) දින ඉල්ලා අස්විය.
ඉන්දීය බැංකුව හා ආණ්ඩුව අතර මත භේද ඇති බවට වාර්තා වීමෙන් පසු පටෙල් මහතා එම ධූරයෙන් ඉවත්විය.
පටෙල් මහතාගේ ඉල්ලා අස්වීම ආයෝජකයින්ට වඩා ඉන්දියාවට දැඩි ලෙස බලපාන බවත් ලබන වසරේ මහ මැතිවරණයකට සූදානම් වන විට ආර්ථිකයට හානි පමුණුවන බවත් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(බීබීසී ඇසුරෙනි)
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd