IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මහජන මුදල් වංචා කළ ජනපති පුතා ප්‍රංශ අධිකරණයට

ගිනේ රාජ්‍යයේ මහජන මුදල් අවභාවිත කළ බවට චෝදනා ලද ජනාධිපතිගේ පුතකුට එරෙහිව ප‍්‍රංශ අධිකරණයේ නඩුවක් විභාග වේ.

මධ්‍යම අප‍්‍රිකාවේ උතුරින් කැමරූන් හා දකුණින් ගැබොන් රාජ්‍යයට මායිම්ව වර්ග කි:මී: 28,000ක් විශාල අප‍්‍රිකාවේ බටහිර සීමාවෙන් අත්ලන්තික් සාගරයට මායිම්ව පිහිටි බොර තෙල්, ගෑස්, මෙතනෝල් ගෑස්, කොකෝවා හා දැව සම්පතින් පිරුණු ගිනේ හි ස්පාඤ්ඤ, ප‍්‍රංශ, පෘතුගීසි ප‍්‍රධාන භාෂාවන් වන අතර මලාබෝ අගනගරය ලෙස සැලකේ.

එහි දිනකට බැරල් 360,000ක ධාරිතාවයක් නිෂ්පාදනය කරයි. තියෝඩොර් ඔබියන්ග් එන්ගියුමා එම්බාසොගෝ එහි වත්මන් ජනාධිපතිවරයාය. ඔහුගේ එකම පුතා තියොඩෝරින් එන්ගියුමා ඔබියන්ග් (47) උප ජනාධිපති ලෙස ගිය වසරේදි පත් කළ අතර ඊට පෙර කෘෂිකර්ම හා වන සම්පත් ඇමති ලෙස කටයුතු කළේය.

එරට මහජන මුදල් අවභාවිතයට හා දූෂණයට ලක්වී ඇති බවට ජාත්‍යන්තර ට‍්‍රාන්ස්පේරන්සි ආයතනය කළ පැමිණිල්ලක් හේතුවෙන් හේග් නුවර ජාත්‍යන්තර අධිකරණයේ හා ප‍්‍රංශයේ ඉහළ අධිකරණයේ නඩු විභාගයක් ජනවාරි 2 දා සිට ආරම්භවූ අතර ප‍්‍රංශයේ ඉහළ අධිකරණ නියෝගයක් මත එන්ගියුමා ඔබියන්ග්ට ප්‍රංශයේ හිමි  වත්කම් ගැන පරීක්ෂණ ඇරඹීය.

ඒ අනුව පැරීසියේ පැරිස් කලාප අංක 16 හි රන් ආලේපිත නාන කාමරයක්, සිනමා ශාලාවක්, ව්‍යායාම් ශාලාවක්, ඩිස්කො ශාලාවක්, උණු වතුර සම්භාහන තටාකයක්, සැලූනයක් ඇතුළත් යුරෝ මිලියන 107ක් (රුපියල් කෝටි 1150) වටිනා නිවසක්ද පැරිස් කලාප අංක 16හි විශාල හෝටල් මන්දිරයක ඔහුටම වෙන් කළ අති සුඛෝපබෝගී කාමරයක්ද සොයා ගැනීමට හැකිවී තිබේ. වසර 2004 හා 2011 අතර යුරෝ මිලියන 110 ක මුදලක් ප‍්‍රංශයේ හා ස්විස් බැංකු වලට බැර කර ඇති බව සාක්කි සහිතව සොයා ගෙන ඇත.

පැරිස් කළාප අංක 16හී  ඇවනිව් ෆෝස් නමින් හැඳින්වෙන මාවත අද්දර භූගත වාහන රථ ගාලක ජනපති පුතුට අයත් බෙන්ට්ලි, රෝල් රොයිස් පැන්තොම්, බෙන්ට්ලි අෂූර්, පෙරාරි 590 ජී.ටි. ඕ, ෆෝර්ශ් කරේරා 980 ජී.ටි, බුගාටි වෙර්යොන්, මැසරාටි එම්.සී 12, මර්සිඞීස් බෙන්ස් මේබැච් 62, යන අති සුඛෝපබෝගී කාර් සමග වාහන 11 ක් සොයා ගැනීමට හැකිවී තිබේ. අවිවාහක ඔහු එක් එක් පෙම්වතියන් සමග ලෝකය වටා සංචාරය කරමින් අති විශාල මුදලක් වියදම් කරන බව ප‍්‍රංශ මාධ්‍ය විසින් හෙළිකර ඇත.

පසුගිය කාලයේ ඇමෙරිකන් රූපවාහිණී සුරූපි නිළියක් වූ ෆෝර්ශා විලියම්ස් සමග ඇසුරක් පවත්වා ගෙන සිටි ඔහු වර්තමානයේ ක‍්‍රිස්ටිනා මිකෙල්සන් නම් සුරූපි ඩෙන්මාර්ක් ජාතික තරුණියක් සමග පෙමින් වෙළී සිටී.

ඊට අමතරව කොන්ගෝ රාජ්‍යයේ ජනාධිපති ඩෙනිස් සාසූ එන්ගියුසෝ හා ගැබොන් රාජ්‍යයේ ජනාධිපති ඔමාර් බොන්ගෝට එරෙහිවද මහජන මුදල් වංචා කිරීම හේතු කොට ප‍්‍රංශ අධිකරණයේ පරීක්ෂණ ආරම්භ වීමට නියමිතය.

_________--_____-________-___ _____-____-_____-___-________-______-_________-st-Tropez __________-____--___--____-____-____-01 teodorin-obiang-son-of--president-equato-guineen teodoro-nguema-obiang-mangue

 



අදහස් (0)

මහජන මුදල් වංචා කළ ජනපති පුතා ප්‍රංශ අධිකරණයට

රණසිංහ Thursday, 05 January 2017 06:37 PM

ආසියාතික රටවල් සහ අප්‍රිකානු රටවල කිසිම වෙනසක් නැහැ. සාමාන්‍ය ජනතාව පක්ෂ බෙදාගන්න බැරුව ගහමරා ගනිද්දී දේශපාලුවෝ සහ උන්ගේ පුත්තු රජ සැප විඳිනවා..

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 05 January 2017 06:54 PM

අපරාදේ! ඔය පිස්සු පැරිස් වල නටන්නේ නැතුව අපේ අැමති පුත්තු එක්ක ලංකාවේ නැටුවා නම් ඔයා අදටත් පිස්සු නටනවා. මට පෙනෙන විදියට ඒ රාජ්‍යයේත් ඉන්නේ ලංකාවේ වගේ වැඩියෙන්ම ජනතා මුදල් සොරකම් කරන, වැඩියෙන්ම බොරු කියන මිනිසුන්ට මනාප ගැසීම විනෝදාංශයක් ලෙස කරන මෝඩ ජනතාවක් වෙන්න ඇති (නි)

:       0       0

පතිරණ මාලබේ Thursday, 05 January 2017 07:10 PM

අපේ පුත්තු අප්‍රිකාවේ පුත්තු වගේ මෝඩ නැහැ. ඒකනේ ප්‍රංශයට යවන්නේ නැතුව කාර් ටික වෙන කොහේද රටකට යැවුවේ. ප්‍රංශයට යැවුවා නම් අපේ පුත්තුන්ටත් ඔය පරිප්පුවම තමයි (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 05 January 2017 10:27 PM

ඒ පුතා තෙල් වලින් ගසාකෑවා. අපේ පුත්තු ඔක්කොගෙන්ම ගසාකෑවා. මොකක්ද ඉතින් වෙනස? ඒ අතින් අපිට ඉන්නේ ගිනස් පුත්තු. (නි)

:       0       0

ධර්මරාජා Thursday, 05 January 2017 10:33 PM

මොකටද ප්‍රංශයෙයි, ස්විස් වලයි බැංකු වල සල්ලි දාන්න ගියේ? අපේ අය වගේ ඔය ඩුබායි පැත්තේ බැංකුවක දැම්මා නම් ඉවරයිනේ (නි)

:       0       0

අල්විස් පැරිස් Thursday, 05 January 2017 10:43 PM

කමල්, මෙහේ එෆ් සී අයි ඩී එක ඇතුළට ගත්තොත් ගත්තාම තමයි. ලංකාවේ වගේ සිනමා නැහැ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 05 January 2017 11:19 PM

ඒකට අපේ පුතාලා. නීති විභාග ඉහළින්ම පාස් කරනවා, තරු පැළඳගෙන සත් සමුදුර ජය ගන්නවා, රොකට් අරිනවා. එ්ත් රට නිසලව එතනමයි. (නි)

:       0       0

ඒකනායක Friday, 06 January 2017 01:58 AM

ඔය ගරාජ් අස්සේ කාර් තියාගෙන හිටියේ මොකටද? අපේ කට්ටිය වගේ මාළිගාවක් වටේ රේස් පැද්දා නම් ඉවරනේ. අප්‍රිකාවේ අයට මොළේ නැහැ කියන්නේ ඒකනේ (නි)

:       0       0

අමරසිරි කපුකොටුව Friday, 06 January 2017 02:10 AM

මෙයාට නම් උප ජනාධිපතිකමත් දීලා. දෙයියෝ අපිව නම් බේරාගත්තා. නැත්නම් උප ජනාධිපති රේස් පදින රට ශ්‍රී ලංකාව වෙනවා (නි)

:       0       0

අස්මිත් Saturday, 07 January 2017 05:41 PM

අනේ මන්දා, අදහස් ටික බලනකොට තේරෙනවා ලංකාවේ කව්රුත් මෝඩ නැහැ කියලා. අපේ අප්පච්චි ජනතාව ගොනාට ඇන්දුවා කියලා ගොඩාක් පුරාජේරු කතා කියනවා. අප්පච්චි දන්නේ නැහැ ජනතාව මේ සැමදෙයක්ම ඉවසාගෙන සිටින්නේ යුධ ජයට ඔබතුමා අත්වැලක් වූ නිසා කළගුණ සැළකීමක් වශයෙන් විතරයි කියලා (නි)

:       0       0

අශෝක Friday, 06 January 2017 10:00 PM

අමරසිරි, එහෙනම් අර නත්තල් ගහ වගේ ගිනස් පොතටවත් යන්න තිබුනා. අපරාදේ කියලත් හිතෙනවා. නැව ගිලුනත් බෑන් චුන් කිව්වා වගේ රටම පිරිහුනත් ගිනස් පොතට ගිහින්නේ. (නි)

:       0       0

කමල් Thursday, 05 January 2017 01:06 PM

එහෙත් මෙහෙ වගේ එෆ්සීඅයිඩි ගිහිල්ලා හවසට ගෙදර එවනවද දන්නේ නැහැ ?(හේ)

:       0       0

සිරිමල් අපොන්සු Thursday, 05 January 2017 01:55 PM

අප්පොච්චියේ මම හිතුවේ අපේ කාට හරි කරදරයක් වෙලා කියලා . බලපුවාම මේ අප්‍රිකාවේ පුතෙකුගේ කතාවක් . (ර)

:       0       0

ඇන්ජලී රාජපක්ෂ Thursday, 05 January 2017 02:17 PM

ප්‍රංශයේ තියා ගන්නේ නැතුව කාර් ටික ෂීසෙල් වලට පටවලා ඇරියා නම් බේර ගන්න තිබුණා . කොහේද අපේ අයගෙන් උපදෙස් ගන්න තිබුන නේ දැන් ඉතින් පෙරහැර ගිහිල්ල ඉවරයි .(හේ)

:       0       0

අබේරත්න Thursday, 05 January 2017 05:00 PM

මේ වගේම කතාවක් ලංකාවෙත් තිබුණා මතකයි. වෙනසකට තියෙන්නේ ඇමෙරිකන් සුරූපිනිය විතරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site