මෙම වසරේ පළමු මාස 8 තුළ ස්තී‍්‍ර දුෂණ 1,121 ක් සිදුවී ඇති බවත්, වසර 13 කට පසු ඉන්දියාවේ ස්තී‍්‍ර දුෂණ වැඩිම ප‍්‍රමාණයක් සිදුවී ඇත්තේ මෙම වසරේ බවත් එන්.ඞී.ටීවී පුවත් සේවය ඊයේ (12) වාර්තා කළේය.
එම ස්තී‍්‍ර දුෂණ සංඛ්‍යාව පොලිසියේ පැමිණිලි ලැබූ ඒවා පමණක් බවත්, තවත් හෙළි නොවුණු එවැනි අපරාධ සිදුවි ඇති බවත් එන්.ඞී.ටීවී පුවත් සේවය වැඩි දුරටත් වාර්තා කර තිබේ.
එන්.ඞී.ටීවී පුවත් සේවය මේ බව අනාවරණය කළේ, 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව සමූහ දුෂණයට ලක් කර මරා දැමූ චූදිතයන් සිව් දෙනාට මරණ දඬුවම දෙන්නැයි ඉල්ලා, දහස් ගණනක් ඉන්දීය වැසියන් නවදිල්ලි නුවර දැවැන්ත උද්ඝෝෂණයක යෙදී සිටිද්දීය.
වෛද්‍ය ශිෂ්‍යාව කෙළෙසූ එම සිව් දෙනා ඉකුත් 10 වැනිදා නවදිල්ලි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරදකරුවන් වූහ.
ඔවුන්ට දඬුවම් නියම කිරීම ඊයේ දිනයට යෙදී තිබුණ ද විනිසුරු යොගේෂ් ඛන්නා කියා සිටියේ එය අද (13) දිනට තෙක් කල් දමන බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර යූඑන් සමීක්ෂණයට මේවා අහු වෙන්නේ නැද්ද දන්නේ නෑ. (ස)
ඔන්න මචන්ලා මොවුන් හදන්නෙ ලංකාවේ වාර්තාව කඩන්න. ක්‍රිකට වලදිත් මේ ගොල්ලො ඔහොමමයි. (ස)
රටේ හැටි තමයි මේ. රට හදන්න බැහැ.(නදී)
අපේ අයගෙන් උපදෙස් ටිකක් ගත්තා නම් අහු නොවෙන්න කර ගන්න තිබුණා. (ස)