IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘‘මස් වැඩිපුර කෑමෙන් අනාගත කෑම හිඟයක්‘‘

මිනිසා විසින් භාවිතා කරන මාංශමය ආහාර ප්‍රමාණය අඩු නොකළහොත් ආහාර හිඟවීම වැළැක්විය නොහැකි වනු ඇතැයි පර්යේෂක පිරිසක් පෙන්වාදෙති.

කේම්බ්‍රිජ් හා ඇබර්ඩින් විශ්වවිද්‍යාලවල සිදුකරනලද පරීක්ෂණයකින් පසු ඔවුහු මේ බව දැක්වෙන පර්යේෂණ පත්‍රිකාව නිකුත් කැර ඇත. ඔවුන් පෙන්වාදෙන්නේ දැනට ලෝක ආහාර පුරුදු අනුව මාංශමය ආහාර පරිභෝජනය වැඩි වුවහොත් ආහාර නිෂ්පාදනය හේතුවෙන් ඇතිවන හරිතාගාර වායු ප්‍රමාණය සියයට 80කින් ඉහළ යන බවයි.

මේ හේතුවෙන් හරිතාගාර වායුව පරිසරයට මුදාහැරීම සීමා කිරීමේ බලවත් දුෂ්කරතා ඇතිවන බව ඔවුහු කියති. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ බොහෝ රටවල ඇති නගරයන්හි ඇමෙරිකානු ක්‍රමයේ මාංශමය ආහාර පරිභෝජනය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. මේ හේතුවෙන් මාංශ සහ කිරි ආහාර අනුභවය වැඩිවී ඇත.

පර්යේෂකයන් පෙන්වාදෙන්නේ මේ හේතුවෙන් දැනට වගාකටයුතු සඳහා යොදා ගන්නා ඉඩම් පශු සම්පත් සඳහා යොදා ගැනීමෙන් ලෝකයේ ගොවීන් වෙනත් ආහාරවල අවශ්‍යතාව සපුරාලීමට අපොහොසත් වන බවයි. මේ පර්යේෂණයේ ප්‍රධානී බොජනා බසේල්ජ් පවසන්නේ කෘෂිකාර්මික ක්‍රමවල වරදක් නොමැති වුවත් අපේ ගන්නා ආහාරවල තේරීම මගින් මේ තත්ත්වය ඇතිවන බවයි.

කැලෑ ප්‍රමාණය සීඝ්‍රෙයන් අඩුවීම හේතුවෙන් කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළයන අතරම පශු සම්පත් වර්ධනය වීමෙන් මීතේන් මට්ටම ඉහළ යාම සිදුවේයැයි පර්යේෂකයෝ කියති. ඔවුන් පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ පොහොර භාවිතය දේශගුණික විපර්යාසයට හේතුවන බවයි.



අදහස් (0)

‘‘මස් වැඩිපුර කෑමෙන් අනාගත කෑම හිඟයක්‘‘

ගාමිණී - සිරිවර්දන Thursday, 04 September 2014 09:11 AM

මස් පමණක් නොවේ අනාගත කෑම හිගයක් එතරම් බල නොපාන්නේ ලෝක ජනගහන වර්ධන වේගය නඩත්තුව අපහසු කමින් පවුල් පිටින්ම පාලනය කරගෙන ඇති නිසයි. උපරිම දරුවන් දෙදෙනයි. එදා කොළඹ නගරයේ රජයේ සේවකයෝ අනුභව කලේ බයිසිකල් කරුවන් ලවා ගෙදරින් ගෙන්වා ගත් කෑම පිගන්. අද පාර්සලය,ස්නැක්ස්,ටේක් අවේ. කෑම පලගාන් ,බුෆේ වෙලා. සෑම රටකම කෑම දාසලා පිරිමහමින් කන නිසා ලෙඩදුක් වලට බිය කමින් තරබාරු කමින්ද අඩුයි (නදී)

:       0       0

සරණ Thursday, 04 September 2014 09:56 AM

ආහාර පුරුදු වෙනස් කිරීමට කාලය ඇවිත්. මෙයට විසඳුම ශාක ආහාර නෙවෙයි, ලෝක ආහාර සංවිධානය වරක් කී පරිදි, විකල්ප ආහාර. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site