තම පරම සතුරා වන ඇමෙරිකාව ඉලක්ක කරගනිමින් බැලැස්ටික මිසයිල ප‍්‍රහාරයක් එල්ල කිරීමට තමන් කිසිසේත් පැකිළෙන්නේ නැතැයි උතුරු කොරියාව ඊයේ (24) යළිත් අනතුරු ඇඟවීමක් කළේය.
උතුරු කොරියාව එම අනතුරු ඇඟවීම කළේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පෙරේදා (23) එරටට එරෙහිව නව සම්බාධක රැසක් පැනැවීමට විරෝධය පළ කරමිනි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් 15 ට ඇමෙරිකාවද අයත් වෙයි. උතුරු කොරියාව පවසන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තමන් එරෙහිව ‘උසිගන්වන්නේ’ ඇමෙරිකාව කියාය.
උතුරු කොරියාවට එරෙහිව එම නව සම්බාධක පැනැවීමට ආරක්ෂක මණ්ඩලය තීරණය කළේ උතුරු කොරියානු රජය ජාත්‍යන්තරයෙන් එල්ල වූ විරෝධය මැද ඉකුත් දෙසැම්බර් මාසයේ න්‍යෂ්ටික බලැති රොකට්ටුවක් උඩු ගුවනට යැවීම සැලකිල්ලට ගෙනය.
බටහිර රටවල් එම අවස්ථාවේදී කියා සිටියේ උතුරු කොරියාව න්‍යෂ්ටික බලැති බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බවය.
එහෙත් උතුරු කොරියා රජය කියා සිටියේ තමන් එම රොකට්ටුව ගුවන් ගත කිරීම මගින් චන්ද්‍රිකාවක් සාර්ථකව කක්ෂ ගත කළ බවය.
උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන සුළුකොට තැකිය නොහැකි බව ඇමෙරිකාව පවසයි. කෙසේ නමුත් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ උතුරු කොරියා රජය තම මිසයිල ගැන පුරසාරම් නොදොඩා රටේ ජනතාව කෙරෙහි අවධානයක් යොමු කරන්නේ නම් මැනැවියි කියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය මොකටාද සහෝදරා (දී)
ඇයි සනා කලබල වෙන්නේ? බිල්ලාඩන් කියලා කවුරුත් නැහැ. නොකර සද්ද කරන දෙයක් කරලා කණගාටුව ප්‍රකාශ කලානම් හරි. (නි)