මිසයිල යොදා අඟහරු පොළොව ගැඹුරට ම විද ජීවය සිටීදැයි සොයා බැලීමේ ව්‍යාපෘතියක් සැළසුම් කැර ඇත. විද්‍යාඥයන් පවසන්නේ මේ ක්‍රියාව අන් සියළු අඟහරු ව්‍යාපෘතීන්වලට වඩා ලාභදායී බවයි.

අඟහරු අභ්‍යන්තරයට ගමන් කළ හැකි මිසයිලයක සවිකරන ලද සන්නිවේදන උපකරණ අඟගහරු පෘෂ්ඨය පසාරුකරගෙන අභ්‍යන්තරයට යැවීම මේ ව්‍යාපෘතියේ සැළසුමයි.

එක්සොලාන්ස් නමින් හඳුන්වා ඇති ව්‍යාපෘතිය සඳහා දැනටමත් ඇමෙරිකානු ඩොලර් 250,000 හෙවත් රුපියල් තුන්කෝටි විසිපන් ලක්ෂයක් වෙන්කැර ඇත. එහි සැළසුම වී ඇත්තේ අඟහරු වෙත යන යානයකින් පුපුරන ද්‍රව්‍ය නොමැති මිසයිල අඟහරු අභ්‍යන්තරයට යැවීමයි. මිසයිලයේ සවිකරන සන්නිවේදන උපකරණ මගින් ජීවය පිළිබඳ තොරතුරු පෘථිවියට ලැබෙනු ඇත.

මිසයිල මෙහෙයුම හමුදා ක්‍රියාකාරකම් සඳහාම නිපදවූ ගෙනයාමේ පද්ධතියකින් සමන්විතය. අඟහරුමත අනාගතයේ මිනිස් ජනාවාස බිහිකිරීමට සුදුසු බව තහවුරු කැර ගැනීම පර්යේෂකයන්ගේ අරමුණ වී ඇත.

මෙක්සිකෝවේ මොජටිව් කාන්තාරයේ පොළොව අඟහරු පෘෂ්ඨය හා බොහෝ සෙයින් සමාන බැවින් ඉදිරි මාස 14 දී මොජටිව් කාන්තාරයේ දී අත්හදා බැලීමේ මෙහෙයුමක් කිරීමට ද නියමිතය. එහිදී මිසයිල ගෙනයන කොටස හා භූගතවන කොටස අත්හදා බැලීමට සැළසුම් කැර ඇත.  

පර්යේෂකයන් පවසන්නේ අත්හදා බැලීම් සාර්ථක වූ පසු නාසා අඟහරු මෙහෙයුම් වලට එක්සොලාන්ස් මිසයිල මෙහෙයුම ද එක්වනු ඇති බවයි.

marss missile (1) marss missile (2) marss missile (3) marss missile (5) marss missile (6)