පොලිසියත්, හමුදාවත් විපක්ෂය සමඟ එක්වී කුමන්ත‍්‍රණය කර තමා බලයෙන් නෙරපා දැමුවේ යැයි හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් කරන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ ති‍්‍රපුද්ගල කමිටුවක් පත් කළ බව මාලදිවයින් නව රජය පෙරේදා (22) ප‍්‍රකාශ කළේය. එම ති‍්‍රපුද්ගල කමිටුව නව ජනාධිපති වහීඞ් හසන් විසින් පත් කරනු ලැබූ බවත් විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් ඔවුන් පැවැත්වීමට නියමිත බවත් වාර්තාවේ. මේ බව හෙළි කළේ ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් හුසේන් ෂුබාබ් ය. කෙසේ නමුත් පරීක්ෂණය අවසන් කර වාර්තාවක් බාර දීම සඳහා දින වකවානු නියම කර නැති බවද මාලදිවයින් මහ කොමසාරිස් වැඩි දුරටත් කියා සිටියි. කෙසේ වුව ද එම කමිටුව අප‍්‍රමාදව කටයුතු ආරම්භ කරනු ඇතැයි ද හුසේන් ෂුබාබ් කියා සිටියේය. කමිටුවට නායකත්වය දෙන්නේ හිටපු ආරක්ෂක ඇමැතිවරයකු වන ඉස්මයිල් ෂෆීහුය. මාලේ අර්බුදය හටගත්තේ ඉකුත් 7 වැනිදා ජනපතිව සිටි මොහොමඞ් නෂීඞ් බලයෙන් නෙරපා දැමීමත් උප ජනපතිව සිටි වහීඞ් හසන්, නව ජනපති ලෙස දිවුරුම් දීමත් සමඟය. නෂීඞ් බලයෙන් ඉවත් වූයේ උප ජනපතිව සිටි හසන්ට බලය පවරා දීමෙනි. නෂීඞ් පමණක් නොව ජාත්‍යන්තරය ද පවසන්නේ එම බලය පැවැරීම නීත්‍යාණුකූලව සිදුවූයේ ද නැතිනම් කුමන්ත‍්‍රණයක් සිදුවූයේ දැයි සෙවීමට පරීක්ෂණ පැවැත්විය යුතු බවය.
1
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.