මගීන් හා කාර්යමණ්ඩලයව 162 නෙකුගේ ජීවිත සඟවා ගනිමින් පසුගිය වසරේ දෙසැම්බර් මස 28 වැනිදා මුහුදට කඩා වැටී විනාශ වූ මලයාසියාවේ එයාර් ඒෂියා ගුවන්සේවයට අයත් අංක 8501 දැරූ ගුවන්යානයේ ප්‍රධාන කළුපෙට්ටිය සොයාගැනීමට ඉන්දුනීසියා බලධාරීන් සමත්ව තිබේ.
ඉන්දුනීසියාවේ සුරබයා සිට සිංගප්පූරුව බලා ගමන්කරමින් තිබූ මෙම යානය ගුවන්ගතවී පැයක් පමණ ගතවූ තැන රේඩාර් තිරයෙන් අතුරදන්ව ගියේය.එය හා සබඳතා ඇති කර ගැනීමට බළධරයින් දැරූ උත්සාහයන් සියල්ලද අසාර්ථක විය.
යානයේ සළකුණකුදු සොයාගත නොහැකිව දින කිහිපයක් ගතවුනි.අවසානයේ මුහුද මත වූ තෙල් පැල්ලමක් නිරීක්ෂණය කිරීමේදී එය ගුවන්යානයට අයත්වූවක් බව හෙළිවූ අතර ඒ හා සමග ආරම්භ කළ මෙහෙයුම් කටයුතු වලින් මුහුද පත්ලේ තැන් තැන්හි විසිර තිබූ යානයේ සුන්බුන් සොයාගැනීමට හැකිවීමත් සමග යානයට අත්වුනු ඉරණම පැහැදිලි විය.
විශේෂඥයින් පවසන්නේ යානය මුහුද හා ගැටීමේදී පුපුරා ගොස් ඇති බවක් පෙනෙන බවයි.යානයේ කුටීරයේ වූ වායු පීඩනය අඩු කිරීමට නියමුවාට නොහැකිවීම නිසා මෙසේ යානය පුපුරා යන්නට ඇතැයි සිතිය හැකි බව ඔවුන් කියයි.
සොයාගනු ලැබ ඇති කළු පෙට්ටියේ දත්ත අනාවරණය කර ගැනීමට තවත් සතියක පමණ කාලයක් ගතවනු ඇතැයි සඳහන්ය.එම දත්ත වලින් ප්‍රධාන මෙහෙයුම් මැදිරිය හා ගුවන්යානයේ සම්බන්ධතාවය ගිලිහුණු පසු යානයේ නියමු කුටියේ සිදුවූ සංවාදයන් කවරේද,නියමුවන් ගත් තීරණ මොනවාද ආදී තොරතුරු ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඉන්දුනීසියා ගුවන් බළධරයින් සිටී.
දෙවන කළු පෙට්ටියක්ද සමුව තිබෙන අතර එය විනාශවූ යානයේ සුන්බුන් තොගයක් අතර සිරව තිබෙන හෙයින් පිටතට ගැනීමට අපහසුවී ඇති බව පැවසේ.
මේ වන විට යානයේ ගමන් කළ මගීන් 48 දෙනෙකුගේ මළ සිරුරු ගොඩගෙන ඥාතීන් වෙත භාරදීමට කටයුතු කෙරී තිබේ.ඉතිරි මගීන් යානයේ ප්‍රධාන කුටියේ සිටින බවට සැකකෙරෙන අතර එම ප්‍රධාන කුටිය සහිත ගුවන්යානා කොටස සොයාගෙන ඇතත් ඒ ආසන්න මුහුදේ ඇති ප්‍රබල දියවැලක් නිසා එය වෙත ළගාවීම කිමිදුම්කරුවන්ට දුෂ්කරවී ඇත.
ඉන්දුනීසියා බළධරයින් පවසන්නේ ඉක්මනින්ම මළසිරුරු ගොඩට ගත නොගතහොත් ඒවා විනාශවීමේ අවදානමක් තිබෙන බවයි.ගොඩට ගත් මළසිරුරු කිහිපයක්ම තිබී ඇත්තේ යන්තමින් හදුනාගැනීමට හැකි තරමට විනාශ වීය.
මෙම ගුවන්යානය එදා එම ඉරිදා දිනයේ පියාසර කිරීමට සැළසුම් කර නොතිබූවක් බවද සඳහන්ය.එම අවසරය ලබාදුන් හා නියමුවා හා සංවාදයේ යෙදුණු ගුවන්සේවා බළධරයින් හත් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටත්,ඔවුන්ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමටත් ඉන්දුනීසියා ගුවන්සේවා පාළනාධිකාරිය කටයුතු කර තිබේ.






COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.