වකුගඩුවක් පරිත්‍යාග කර රෝගියෙකුගේ දිවි ගලවා එම රෝගියා සමගම විවාහ වූ කාන්තාවක් ගැන ඇමරිකාවේ ඉන්දියානා ප‍්‍රාන්තයෙන් වාර්තා වේ.

ඔහු නමින් කයිල් ෆ්‍රෝලෙයික්හ් ය.තරුණ වියේදීම වකුගඩු අකර්මන්‍ය වීම නිසා ඔහු සිටියේ ජීවිතය පිළිබද බලාපොරොත්තු අත්හැර දමාය.

කයිල්ට චෙස්ලා ක්ලෙයර් කම් යුවතිය හමුවන්නේ මේ අතරතුරදීය.තම වකුගඩුවක් පරිත්‍යාග කර කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීමේ අරමුණක් තිබූ ඇයව කයිල්ටම හමුවිම දෛවෝපසහගතය.

චෙස්ලා හා කයිල් සැත්කමට පෙර පරීක්ෂණ කටයුතු කිරීම සදහා රෝහලට යෑම් ඊම් කරන්නට ගන්නේ එකටමය.මේ හමුවීම් වෙන්වීම් මැද ඔවුන් දෙදෙන ආදරවන්තයින් බවට පත්වන්නේ ඔවුන්ටත් නොදැනීමය.

චෙස්ලාගේ දෙමව්පියන් මේ සම්බන්ධය ගැන කිසිදු මනාපයක් දැක්වූයේ නැත.ඔවුන්ගේ අදහස වූයේ සැත්කම අසාර්ථක වී චෙස්ලාගේ ජීවිතය අනතුරේ වැටෙනු ඇති බවයි.

නමුත් චෙස්ලා දිරි ගෙන සැත්කමට මුහුණ දුනි.ඇය පිරිනැමූ වකුගඩුව කයිල්ට බද්ධ කිරීමට කටයුතු කළ වෛද්‍යවරුන් පිරිස එය සාර්ථකව නිම කළේ කයිල්ට ජීවිතය ගැන නව බලාපොරොත්තු ගෙන දෙමිනි.

ජීවිතය ගෙන යන්නට ගැලපෙන්නේ චෙස්ලාම හැර වෙන කවුරුද?කයිල් හා චෙස්ලා දෙදෙන අවසානයේ විවාපත් වන්නේ පෙර සැත්කම අසාර්ථක වනු ඇතැයි කී චෙස්ලාගේ දෙමව්පියන්ගේද ආසිරි මැදය.

කයිල් හා චෙස්ලා සදහන් කරන්නේ තමන් අතර පවතින බැදීම වෙන කිසිවෙක් අතර හදුනාගත හැක්කක් නොවන බවයි.

හොදින් විවාහ ජීවිතය ගත කිරීම තම අරමුණ බව කියන නව යුවළ දෙදෙනා අතර පවතින අවබෝධය නිසා එය අපහසු කරුණක් නොවනු ඇතැයි කියයි.