දින 10 ක් මාලදිවයිනේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ රැකවරණය ලබමින් සිටි හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ්, පෙරේදා (23) එයින් පිටවී ගියේය.
මාලදිවයින පොලිසිය මඟ හරිමින් නෂීඞ්, මාලේ අගනුවර ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට පැමිණියේ ඉකුත් 13 වැනිදාය. ඒ, නෂීඞ් අත්අඅංගුවට ගන්නැයි මාලදිවයින අධිකරණයක් වරෙන්තු නිකුත් කිරීම හේතුවෙනි. හිටපු ජනපති නෂීඞ්, මහ කොමසාරිස් කාර්යාලයෙන් පිටවී ගියේ අධිකරණ නියෝගය බල රහිත වීමෙන් පසුවය.
ජනපති ධුරය හොබවද්දී නෂීඞ්, සිය බලතල අයුතු ලෙස භාවිත කරමින් එරට අපරාධ අධිකරණයේ ප‍්‍රධාන විනිසුරු අබ්දුල්ලා මොහොමඞ් අත්අඩංගුවට ගැනීමට දුන් නියෝගය කළේය.
ඒ සම්බන්ධයෙන් ඉකුත් 10 වැනිදා නඩු විභාගයක් ආරම්භ විය. එහෙත් නෂීඞ්, අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරුණේ උසාවිය මග හැරීම නිසාය. නෂීඞ්ට රැුකවරණ දීම සම්බන්ධයෙන් මාලදිවයින රජය ඉන්දීය රජයට දොස් පැවැරීය.
|
හිටපු ජනපති නෂීඞ් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් පිටව යමින්... |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒත් පුදුම චරිතයක් (දී)