IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මාලදිවයින සමඟ සබඳතා පුළුල් කරගත යුතුයි - චීන ජනපති

බීජිංහිදීය (රොයිටර්)
 
මාලදිවයින සමඟ තිබෙන එකිනෙකාට   අන්‍යෝන්‍ය සබඳතා තවදුරටත් පුළුල් කරගත යුතු යැයි චීන ජනාධිපති ෂී ජින්පින්ග් පැවැසීය.
 
මාලදිවයිනේ නව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කරමින් චීන ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.
 
ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ඊබ්‍රහිම් මොහමෙද් සෝලි මාලදිවයින් ජනාධිපතිවරණයෙන් ජයගත්තේය. චීන ආධාර ඇතිව එරට තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි නැවත වරක් විමසා බලන බව හෙතෙම මැතිවරණ පොරොන්දුවක් දුන්නේය. 
 
ඉන්දියානු සාගර කලාපය තුළ තම බලය තහවුරු කරගැනීමේ සටනක නිරත වී සිටින ඉන්දියාව සහ චීනය මාලදිවයින තුළ තමන්ට හිතවත් ආණ්ඩුවක් පවත්වාගෙන යෑමේ බල අරගලයක නිරත වී සිටී. 
 
‘බෙල්ට් ඇන්ඞ් රෝඞ්’ ව්‍යාපෘතිය චීන ආයෝජන ඇතිව මාලදිවයින තුළ ක්‍රියාත්මක වන දැවන්ත සංවර්ධන ව්‍යාපෘතියකි. ‘බෙල්ට් ඇන්ඞ් රෝඞ්’ යනු චීනයේ, ‘එක් මාවතක් එක් තීරයක් (වන් බෙල්ට් වන් රෝඞ්) ව්‍යාපෘතියේ කොටසකි. මාලදිවයිනේ ක්‍රියාත්මක වන එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නැවත වරක් සලකා බලන බව එරට විපක්ෂය මැතිවරණයට පෙර ප්‍රකාශ කළේය. 
 
මාලදිවයින ණය උගුලකට හසුවෙමින් තිබෙන ඇතැම් විශේෂඥයෝ පවසති. 
 
චීනය සහ මාලදිවයින අතර දීර්ඝකාලීන මිත්‍රත්වයක් පවතින බව ද මාලදිවයිනේ නව ජනාධිපති ඊබ්‍රහිම් මොහමෙද් සෝලිට සුබ පැතුම් එක් කරමින් ෂී ජින්පින්ග් සඳහන් කර ඇත.
“චීනය ඉදිරියටත් මාලදිවයින සමඟ මිත්‍රත්වයෙන් කටයුතු කරන්න සූදානම්. දෙරටේ මිත්‍රත්වය ශක්තිමත් කරමින් දෙරටටම ප්‍රයෝජනතවත් අන්‍යෝන්‍ය සහයෝගීතාව තවදුරටත් පුළුල් කරගන්න අපි සූදානම්” යැයි ද චීන ජනාධිපතිවරයා කීය. 

055

 



අදහස් (1)

මාලදිවයින සමඟ සබඳතා පුළුල් කරගත යුතුයි - චීන ජනපති

Kumar (gulf) Tuesday, 02 October 2018 09:12 AM

මාලදිවයිනේ හිටපු ජනාධිපති සමඟ චීනය හොර ගිවිසුම් ගහල රට බාගෙට චීනෙට යටකරල තියෙන්නේ, දැන් අලුත් පොටකට එන්න හදනවා චීන්නු, ලංකාවටත් කරේ ඔයටිකමයි....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site