මාලදිවයිනේ ජනාධිපති ධුරය හෙබවූ මොහොමඞ් නෂීඞ් බලයෙන් නෙරපීමට කුමන්ත‍්‍රණයක් සිදු නොවූ බව ඒ ගැන පරීක්ෂණ පැවැත් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය පරීක්ෂණ කමිටුව පසුගිය දා අනාවරණය කිරීමත් සමඟ පරීක්ෂණ කමිටුවේ එම නිගමනයට විරෝධය දක්වමින් පෙරේදා (1) මාලේ අගනුවර විරෝධතා රැලි පැවැත්විණි. එම විරෝධතා රැලිවලට හිටපු ජනාධිපති නෂීඞ්ගේ ආධාරකරුවෝ සිය ගණනක් සහභාගී වූහ. ඔවුන් කලහකාරීව හැසිරෙමින් කැරැලි මර්දන පොලිස් නිලධාරීන් සමඟ ගැටුම් ඇති කර ගත් බව ද වාර්තා විය. මාලදිවයිනේ හිටපු ජනපති නෂීඞ්ට බලයෙන් ඉවත් වීමට සිදුවුණේ පසුගිය පෙබරවාරි මාසයේදීය. ඔහු උප ජනපතිව සිටි මොහොමඞ් වහීඞ්ට බලය පවරා දුන් අතර මාලදිවයිනේ වර්තමාන ජනාධිපතිවරයා වන්නේ වහීඞ්ය. නෂීඞ් බලයෙන් ඉවත් වීමත් සමඟ මාලදිවයිනේ අර්බුදයක් නිර්මාණය විය. ඉන්පසු සති ගණනක් ආරක්ෂක අංශ සහ නෂීඞ්ගේ ආධාරකරුවන් අතර දරුණු ගැටුම් ද හට ගත්තේය. හමුදාව සහ පොලිසිය එක් වී තමා බලයෙන් නෙරපා හැරීමට කුමන්ත‍්‍රණයක් කළ බවත්, වහීඞ් ඊට සම්බන්ධ බවත් නෂීඞ් චෝදනා කළේය. පොලිසිය සමඟ ගැටෙන විරෝධතාකරුවෝ