මාලදිවයිනේ පාලක පක්ෂ මන්තී‍්‍රවරයෙක් පෙරේදා (1) රාති‍්‍රයේ ඝාතනයට ලක් විය. සුන්නි මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දීය සාගරයේ දූපත් රාජ්‍යයක් වන මාලදිවයිනේ මන්තී‍්‍රවරයකු ඝාතනයට ලක් වූ පළමු අවස්ථාව මෙයයි. ඝාතනය වූයේ මාලදිවයින් ප‍්‍රගතිශීලී පක්ෂයේ අෆ්රෂීම් අලී (46) මන්තී‍්‍රවරයාය. අලී ඝාතනයට ලක් වූයේ මාලේ අගනුවර ඔහුගේ නවාතැනේදීය. මාලේ පොලිස් ප‍්‍රකාශක හසන් හන්සීෆ් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ තියුණු ආයුධයකින් පහර දී අලී ඝාතනය කර ඇති බවය. මන්තී‍්‍රවරයාගේ ඝාතනය සැලවීමෙන් තමා දැඩි ලෙස කම්පනයට පත් වූ බව මාලදිවයින් ජනපති මොහොමඞ් වහීඞ් පවසයි. පරීක්ෂණ පවත්වා අපරාධය සිදු කළ අය කඩිනමින් අත්අඩංගුවට ගන්නැයි ඔහු පොලිසියට දන්වා ඇත.
1
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණු ආසියාවේ ප්‍රජාතාන්ත්‍රවාදය මාලෙත් ආරම්භ වුණා (ස)
අරාබි වසන්තයේ ආරම්භයද? (නි)