බෙංගාල බොක්කේ ඇති වී තිබෙන කැළැඹිලි ස්වභාවය නිසා නිර්මාණය වී තිබෙන මෝරා සුළි කුණාටුවෙන් දරුණු බලපෑම් සිදුවීමට පෙර මිලියනකට වැඩි පිරිසක් මුදා ගැනීමට බංග්ලාදේශ බලධාරීන් කටයුතු කරමින් සිටිති. 
 
සුළි කුණාටුව අඟහරුවාදා දිනයේදී බංග්ලාදේශයේ නැගෙනහිර වෙරළ තීරයට කඩා වැදෙනු ඇතැයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 
 
බංග්ලාදේශයේ ගිනිකොන දිග ප්‍රදේශයේ වරාය නගරවලට උපරිම අනතුරු ඇඟවීම් නිකුත් කරන්නැයි ද බලධාරීන් දන්වා තිබූ අතර බංග්ලාදේශයේ බටහිර ප්‍රදේශයෙන් අනතුරු ඇඟවීම අංක 8 ඉලක්කමෙන් දැක්විණි. උපරිම අනතුරු ඇඟවීම සඳහා බංග්ල්දේශය අංක 10 භාවිත කරයි. එමඟින් අනතුරු වීමේ අවදානම උපරිම යැයි දැක්වෙයි. 
 
සුළි කුණාටුව ඇතිවූයේ ශ්‍රී ලංකාවට බලපෑ ධාරාණිපාත වර්ෂාවෙන් පසුවය. ශ්‍රී ලංකාවට බලපෑ ධාරාණිපාත වර්ෂාව නිසා ඇති වූ ගංවතුර හා නායයෑම්වලින් අද (30) දහවල් පෙරවරුව වන විට 180ක් දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබිණි. 
 
රොයිටර් ඇසුරිනි 055