IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මර්ස් තායිලන්තයටත් පනී

මැදපෙරදිග ස්වසන ආබාධය වැළඳුණු රෝගියකු අද තායිලන්තයෙන් ප්‍රථමවරට හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බැංකොක් අගනුවරින් පිටත ස්ථානයක දී ඔහු නිරෝධායනයට ලක්කැර ඇතැයි ද එරට සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. රෝගියාගේ වයස අවුරුදු 75ක් බවත් හෘදයාබාධයකට ප්‍රතිකාරගැනීමේ අපේක්ෂාවෙන් ඕමාන්වල සිට බැංකොක් බලා පැමිණ ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය දින කිහිපයේ දි මේ රෝගියාගේ ඇසුරටපත් 60 දෙනකු පමණ හඳුනාගෙන ඔවුන් ද පරික්ෂා කරමින් සිටින බව එරට සෞඛ්‍ය අංශ පවසයි. ඒ පිරිස අතර ඔහු සමග ගුවන් යානයේ පැමිණි ඥාතීන් තිදෙනෙක් ද සිටිති.

වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට තායිලන්තයට විශාල පිරිසක් පැමිණෙන අතර මැදපෙරදිග රටවලින් එන රෝගීන් ද ඒ අතර බහුලය.

තායිලන්ත සෞඛ්‍ය ඇමති රාජටා රජටනාවින් පවසන්නේ මැදපෙරදිග ස්වසන රෝගය ඇති පුද්ගලයකු වාර්තා වූ පමණින් අනවශ්‍ය බියක් ඇතිකරනොගත යුතු බවයි. රෝගියා හඳුනාගත් වහාම ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධායන කටයුතු සඳහා යොමු කළ බැවින් එසේ බිය වීමට හේතුවක් නැතැයි ද ඔහු පෙන්වා දී ඇත

කොරියාවෙන් මර්ස් ආසාදිත පුද්ගයන් 190ක් වාර්තා වී අති අතර දැනට මියගිය සංඛ්‍යාව 24කි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ අලුතින් වාර්තා වන රෝගින්ගේ ගණන පහළ මට්ටමක පවතින බවයි. එහි ප්‍රධානි මාග්රට් චෑන් පවසන්නේ මෙම රෝගය පැතිරීම  පාලනයට දකුණු කොරියාව උපරිම ලෙස කටයුතු කර ඇති බවයි.

දකුණු කොරියාවේ මෙම රෝගය පැතිරීමට පටන් ගත්තේ පසුගිය මැයි මාසයේදි 68 හැවිරිදි පුද්ගලයෙක් මැද පෙරදිග සංචාරයකින් පසු මෙම රෝගය එරට තුලට ගෙන ඒමෙනි.



අදහස් (0)

මර්ස් තායිලන්තයටත් පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site