හෙරොයින් කිලෝග්රෑම් 8.3 ක් ඕස්ට්‍රේලියාවට රැගෙන යාමට තැත් කළේයැයි වරදකරුවී මරණ දඩුවම නියම වුනු ඕස්ට්‍රේලියා ජාතික ඇන්ඩ්‍රෘ චෙන්ගේ ජීවිත කතාව අළලා වාර්තාමය වැඩසටහනක් සකස් කිරීමට මැලින්ඩා රටර් නම් අධ්‍යක්ෂිකාවක් සැරැසෙයි.
මරණ දඩුවම නියමව සිටි චෙන් ඉන්දුනීසියාවේදී වෙඩි තැබීමේ කණ්ඩායමක් හමුවේ මරණයට මුහුණ දුන්නේය.මරණය දඩුවම නියමව සිටි තවත් පුද්ගලයින් දස දෙනෙක්ද වෙඩි තැබීමේ කණ්ඩායම හමුවට ඉදිරිපත් කිරීමට ඉන්දුනීසියා බළධාරීහු කටයුතු කළෝය.
චෙන් ඉන්දුනීසියා අත්අඩංගුවේ ගතකළ කාලය අවුරුදු 10 කි.එම කාලය පුරාවට ඔහු තමන්ට මුහුණදීමට නියම කර තිබූ බියකරු ඉරණමෙන් ගැලවී ගැනීමට නිරන්තර උත්සාහයක නිරත විය.නමුත් අවසානයේ ඉන් ඵලක් නොවුනි.
චෙන්් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට පත්වූයේ කෙසේද,අවසන ඔහු තම වරද හදුනාගත්තේ කෙසේද ආදිය මෙම වාර්තාමය වැඩසටහනෙන් පෙන්වාදී තිඛෙන අතර එනිසාවෙන්ම එය ඕස්ට්‍රේලියාවේ හා බ්‍රිතාන්‍යයේ පාසැල් වල ප්‍රදර්ශනයටත් මේ වන විට නිර්දේශ කර ඇත.
එහි චෙන්ග් ලියන ලද ලිපියක්ද අන්තර්ගතය.
එම ලිපියට අනුව චෙන්ග් තමන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට පත්වීම ගැන පසුතැවේ.
මම මේ ලිපිය ලියන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුනහම ඔයාලට වගේම ඔයාලගේ පවුලේ අයටත් විදින්න වෙන දුක ගැන කියන්න.
ඔහු තම ලිපිය ආරම්භ කරන්නේ එළෙසය.
මේ ඔක්කොම පටන් ගත්තේ මට වයස අවුරුදු 16 ක් විතර වෙනකොට.එතකොට මමත් ඔයාලා ගොඩක් දෙනා වගේ පාසැල් යනවා.මට ගුරුවරුන් එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ.ලොකු කතාවක් කෙටි කරලා කියනවනම් මේ කාලයේදී තමයි මම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුරුදු වුනේ. ඔහු සටහන් කර ඇත.
ඕස්ට්‍රේලියාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට අමතරව බේල් නයින් නම් මත්ද්‍රව්‍ය ජවාරම් සංවිධානයක නායකයින් ලෙස කටයුතු කර තිඛෙන බවටද චෙන්ග්ට හා ඔහුගේ සගයාවූ මයුරන් සුකුමාරන්ට ඉන්දුනීසියා බළධාරීන් චෝදනා ගොනුකර තිබුණි.සුකුමාරන්ද චෙන්ග් සමගම ඊයේ දිනයේදී මරණයට පත් කෙරුණි.
මම ගොඩක් මෝඩ දේවල් කරලා තියෙනවා.දැන් ඒවාට පසුතැවිලා වැඩක් නැහැ.මම හිතුවේ මත්ද්‍රව්‍ය පාවිච්චි කළහම අනෙක් අය බයකරගෙන ඉන්න පුලූවන් කියලා.නමුත් මට වැරදුනා.
මගේ ජීවිතය සත පහක් වටින්නේ නැහැ.මිනිහෙක්ට කොතරම් පහතට වැටෙන්න පුලූවන්ද කියලා පෙන්වලා දෙන්න මම හොද උදාහරණයක්.
මට මගේ ළගම ඥාතීන්ගේ විවාහ උත්සවයකට,සාදයකට අඩුම තරමේ අවමගුලකටවත් සහභාගී වෙන්න බැරි වුනා.ඔවුන් අද මා බලන්න එනවා.ඔවුන්ව වැළදගන්නවත් මා සුදුසු නැහැ.
මා දිහා බලලා මේක හොදට හිතට ගන්න.හොදට ඉගෙන ගන්න.ගුරුවරුන්ට කීකරු වෙන්න.ඉහළට යන්න පුලූවන් එතකොට.මම හිතනවා මම මේ කියන දේවල් ඔයාලා ගොඩක් දෙනෙක් අසාවි කියලා.
ඔහු ලිපිය අවසන් කර තිඛෙන්නේ එළෙසය.
COMMENTS
ලංකාවේ නම්... හ්ම්ම්... (නි)
අපේ රටේ නම් මොවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන විට උසාවි පොලිසි ඉදිරිපිට පාරවල් වසා කුලියට උද්ඝෝෂණ කිරීමට පවා පිරිසක් සුදානම් කර තබා ඇත. මේක තමා ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ වෙනස (නි)
මෙහේ වුණා නම් කියාවි අධිරජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් කියලා (නි)
මෙම මරණීය දණ්ඩනය නිසා ඕස්ට්‍රේලියන් ජාතිකයන්ද මාද අතිශයින්ම කම්පාවට පත්වුණෙමි (නි)
ඉතා හොඳයි (නි)
ප්‍රභාකරන් ගැනත් චිත්‍රපටි හැදුවේ. ඕවා හදන අයටත් හම්බකරගන්න ක්‍රමයක් ඕනෑනේ (නි)
ලංකාවෙත් මේ වගේ සමාජයට වැදගත් දේ පෙන්නන්න ඕනෑ.ඔය ඉන්දියන් බහුබුත පෙන්වන්නේ නැතුව.අපිටත් පුලුවන් මේ වගේ නිර්මාණ කරන්න. (නි)
ඒක හොඳ දෙයක් (නි)
සුපිරි නිර්මාණයක්. (නි)
මල්ලියේ නරක මිතුරන් ඇසුර එපා (නි)
"වෙලේ සුදා" ෆිල්ම් එකේ නිළියට ඕෂදී ගමු. (බ)
පෙරේරා මහත්තයෝ, ලිපිය හරියට කියවලා අදහසක් දමන්න. (නි)
වෙලේ සුදා ගැනත් එහෙම එකක් හැදුවොත් රඟපාන නිලියන් කව්රු වේවිද? (බ)
ජාත්‍යන්තර මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයින්වත් වීරවරයින් හැටියට පෙන්නනද දැන් හදන්නේ? (ම)
මේ චිත්‍රපටිය ලංකාවෙත් පෙන්වන්න. ටී.වී. එකේ හරි. (බ)