පසුගියදා සිදුවූ පැරීසියේ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු මියගිය අය සිහිකිරීම ප‍්‍රංශයේ මෙන්ම විදේශයෙත් විවිධ ඓතිහාසික ස්ථාන හා විශේෂයෙන් ප‍්‍රංශ තානාපති කාර්යාල ඉදිරිපිට සිදුවුයේය.
මේවන විටත් එම කාර්යය එලෙසම සිදුවෙමින් පවතී. විවිධ වර්ණ මල් වලින්, කවි, ගීත, නිසැදැස්, අදහස්, චිත‍්‍ර ආදියෙන් ශෝකය ප‍්‍රකාශ කොට එම භූමි බාගය මල් වලින් සැරසී ඇත්තේය.
නිදහස, සාමානාත්මතාවය, සහෝදරත්වය සංකේතවත් කරන ඓතිහාසික කාන්තා ප‍්‍රතිමාව කේන්ද්‍ර කොට පැරීසියේ පිහිටි රිපබ්ලික් චතුරශ‍්‍රයද ප‍්‍රතිමාවද මලින් සරසා ඇත. දෙස් විදෙස් දහස් ගනනක් ජනයා මෙම ස්ථානයට පැමිණ දුක්වෙති, කඳුළු සලති, නිසළව සිටිති., ඇස් පිය නොහෙළා සිටිති, ගී ගයති, සංගීත භාන්ඩ වයති, ප‍්‍රතිමාව වටා සියල්ලෝ නිහඬය. හරි හතැරැස් චතුරශ‍්‍රයේ මායිම වටා දේශීය විදේශීය රූපවාහිණි ආයතන කුටි සිය ගණනකි.
ප‍්‍රංශයේ වෙසෙන ශ්‍රීලාංකිකයන් වෙනුවෙන් පුෂ්පසිරිද අල්විස් මහතා ශ්‍රීලාංකික ජාතික ධජය හා බෞද්ධ කොඩිය දෙපැත්තේ සවිකළ ශෝකය ප‍්‍රකාශිත අලංකාර මල් වඩමක් ප‍්‍රතිමාව ඉදිරියේ පසුගියදා තැන්පත් කොට ශ්‍රීලාංකික ශෝඛය ප‍්‍රකාශ කළේය. ඒ වනවිට පරිශ‍්‍රයේ වෙනත් මල්වඩම් නොතිබුණි. ඊට පසුදින පැරීසියේ ඉන්දියානු හා ශ්‍රීලාංකික වෙළඳ සංගමයේ ශෝකය යැයි සඳහන් කුඩා බැනරයක් සමග මල්වඩමක් ප‍්‍රතිමාව ඉදිරියේ තැන්පත් කැරිණ. බැනරයට ඉහලින් කුඩා එල්ටිටිඊ කොටි කොඩියක්ද අටවා තිබිණ. මේ දිනවල පැරීසියට මද වශයෙන් වැසි සහිතය. එබැවින් ප‍්‍රතිමාව වටා ශෝක සංකේත සේදී හැකිළී, ගුලිවී ඇත්තේය. එල්ටිටිඊ කොඩියද වැසි බරින් හැකිළී ගුලිවි ඇත්තේය. එබැවින් හදුනා ගත නොහැකිය. එනමුදු ජාතික ධජය තවමත් වැජඹේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා මේ කළ ක්‍රියාව ඉතාමත් ඉහළින් අගයමි. හැබැයි මේ යන විදියට ගියොත් තව නොබෝ කලකින් පහුගිය කාලයේ වගේ යුධ,බෝම්බ බියෙන් ගමන් බිමන් යන්න පුළුවන්වෙයි. බලාගෙන ඉමු මොකද වෙන්නෙ කියලා. (නි)
සේරම්, දන්නේ නැති දේ දන්නේ නැති විදියට ඉන්නකෝ. දෙවන ලෝක යුද්ධයේදී ජපන් හමුදාව මරාගෙන මැරෙන ප්‍රහාර එල්ලකළා (නි)
ශ්රී ලංකාව මෙතැනට ආ දිනක අපට මල්වඩම් තැබීමට කිසිවෙකු නැතිවනු ඇත (නි)
ත්‍රස්තවාදින් වුවත් ඔවුන්ද මනුෂ්‍යයෝය (නි)
අපේ ශ්‍රී ලංකාව වසර ගණනක් තිස්සේ කොටි ත්‍රස්තවාදීන්ගෙන් විඳි දුක සහ බිය නිසා ලොව කොතැනක වුවත් ත්‍රස්ත ප්‍රහාරයකින් වැළපෙන ජනතාව සමඟ එම ශෝකය බෙදාගැනීම අපේ උතුම් රටේ උසස් ගතියක් බව මෙයින් මොනවට පැහැදිලි වෙනවා. (නි)
අපිට කොටින් ත්‍රස්තවාදීන් වුණාට සමහර විදේශ රටවලට ඔවුන් ත්‍රස්තවාදීන් නොවේ. ඔවුන් එම රටේ ආර්ථිකයට වාසි ගෙනදෙන කම්කරු ශ්‍රමිකයන් පමණි. (නි)
මේවා දකිනකොට මගේ රට ගැන හිතට දැනෙන ඒ හැඟීම වත්මන් රජය කරන කියන දේ දුටුවිට ක්‍ෂණයෙන් වියැකී යනවා. (නි)
වීරෝධාර සෙබළුන් අනුස්මරණය කර ඔවුන්ගේ ස්මාරකයන් ඉදිරියේ මල්වඩම් තැබීම බටහිර රටවල සම්ප්‍රදායයි. එසේම අපේ ඉතිහාසයේ එන, ජාතිය වෙනුවෙන් දිවිපිදු වීර කැප්පෙට්ටිපොළ, වාරියපොළ සමිඳුන් ආදී ගිහිපැවිදි විරුවන් මෙන්ම, මෑත අතීතයේදී එල්ටිටීඊ කුරිරු යුධ සමයේදී දිවිපිදු වීරෝධාර සෙබළුන් සිහිපත්කර පින්කම් පැවැත්වීමට දෑහිතකාමී සියලු දෙනා කටයුතු කළයුතුය (නි)
හරිම ලස්සනයි. අගයන්න වටිනවා (නි)
අනේ සේරම් දන්නා දේ... (නි)
දෙවන ලෝක යුද්ධය කියන්නේ එ්කත් එකතරා ත්‍රස්තවාදී ක්‍රියාවක් , අහිංසක රටවලට පහරදී යටත් කර ගැනීම , එයටත් කලින් බටහිර රටවල් රුවල් නැව් වලින් ගොස් අහිංසක රටවල් යටත් කරන් , ඔවුන්ට ඕන විදියට සැප වින්ද , රටවල් සුරන් කෑවා , අද බහුතරයක් එම ත්‍රස්තවාදී ක්‍රියා අමතක කරලා (බ)
පුෂ්පසිරි මහත්තයා ඉතාම වැදගත් වැඩක් කර ඇති බව පෙනීයයි. ඔබට ස්තූතියි! (නි)
කොටි ත්‍රස්තවාදීන් මෙවැනි විනාශ වලට සම්පුර්ණයෙන් වගකිව යුතුය. ඒ මන්ද ලෝකයේ පළමු වරට මරාගෙන මැරෙන බෝම්බ නිෂ්පාදනය කළේ ඔවුන්ය. (නි)
සමහර සංවිධාන අපිට ත්‍රස්තවාදී උනාට බටහිර රටවලට ඒවා ත්‍රස්තවාදී නොවේ , බටහිර රටවලට කරදර කරන සංවිධාන එම රටවලට ත්‍රස්තවාදී වෙති , අපිට ත්‍රස්තයන් වෙනත් රටවලට විමුක්තිකාමීන් වෙති (රේ)
පුෂ්පසිරි මහතාගේ මුහුණේ තිබෙන ශෝකය අපිටද ශෝකයකි , අපි ගෙදර සිට හෝ ඔහුගේ ශෝකයට එක වෙමු (රේ)
විදේශවල සිටින කොටි සරණාගතයෝ ඔක්කොම පැන්නුවනම් හරි...දැනටමත් බොහෝ කට්ටිය බයේ ඉන්නේ කොයි වෙලාවේ පන්නාවිද කියල. කොටින්ට කොටි කියල අමතන්න අපේ රටේ කොන්ද පන ඇති නායකයෝ නැති උනාම එවුන් බල්ටි ගහනවා විමුක්ති ලේබල් ගහගෙන... (ස)