ජීවිතාන්ත සිර දඬුවම් විඳින ඊජිප්තුවේ හිටපු ජනපති හොස්නි මුබාරක්ගේ අසනීප තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහු බන්ධනාගාරයෙන් රෝහලකට මාරු කරන්නැයි ඉල්ලමින් මුබාරක් හිතවාදීහු පිරිසක් පෙරේදා (10) කයිරෝ අගනුවර විරෝධතා රැලියක් පැවැත් වූහ. පිළිකාවකින් පීඩා විඳින 84 හැවිරිදි හිටපු ජනපති මුබාරක්, මේ වනවිට බන්ධනාගාර සිර මැදිරියක ජීවත් වන්නේ දිවි සුරකින යන්ත‍්‍රයකට සම්බන්ධ කර සිටීමෙනි. ඔහු බන්ධනාගාරයෙන් රෝහලකට මාරු කළ යුතු යැයි වෛද්‍යවරුන් විසින් ද නිර්දේශ කරනු ලැබ ඇත. මුබාරක් රෝහල් ගත කරන්නැයි ඊජිප්තුවේ හමුදා පාලකයන්ට බල කරමින් පැවැත් වූ එම විරෝධතාවට, මුබාරක් හිතවාදීහු 200 කට වැඩි පිරිසක් සහභාගී වූහ. ඊජිප්තුවේ පසුගිය වසරේ මාර්තු මාසයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ආරම්භ වූ අවස්ථාවේ, ආරක්ෂක අංශ යොදවා විරෝධතාකරුවන් මර්දනය කිරීමට අණ දීමත්, ඔවුන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීමත් යන චෝදනාවලට මුබාරක්ට ජීවිතාන්ත සිර දඬුවමක් නියම කෙරුණේ ඉකුත් දෙවැනිදාය. මුබාරක්ට මරණ දඬුවම ලබා දෙන්නැයි බල කරමින් ද එම අවස්ථාවේදී කයිරෝ නුවර තහ්රීර් චතුරස‍්‍රයේ මහා විරෝධතාවක් පැවැත්විණි. මුබාරක්ගෙන් පසු නව ජනපතිවරයකු තෝරා ගැනීමේ අරමුණින් ඊජිප්තුවේ පසුගියදා ජනපතිවරණයක් පැවැත්විණි. වසර ගණනකට පසු පැවැති නිදහස් ජනපතිවරණය වූයේ ද එයයි. එහි දෙවැනි වටය ලබන 16 සහ 17 වැනිදා පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මුබාරක් හිරගෙදරින් රෝහලට යවන්නැයි ඊජිප්තුවේ විරෝධතා
කමල් Tuesday, 12 June 2012 04:31 PM
ඊජිප්තුවෙ වෙසෙන සාමාන්‍ය ජනතාවගෙන් වැඩි හරියක් නූගත් වෙන්න හේතුවත් ඔය හිටපු ජනාධිපති මුබාරක්ම තමයි...