IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මානව හිමිකම් මහකමිසුරු ට‍්‍රම්ප්ට අකමැතිලු

ඇමරිකා ජනපති අපේක්ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප් යනු අප‍්‍රසන්න පුද්ගලයකු බවත්, අන්තර්ජාතික වශයෙන් ගත් කළ ඔහු මුළු ලොවටම අවදානමක් බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඞ් රාඞ් අල් හුසේන් ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

මේ අදහස් දක්වමින් මානව හිමිකම් මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රසිද්ධියේ වරදකරුවන්ට වද හිංසා පැමිණවීම ගැන අදහස් දැක්වීමත්, ආන්තික ජන කොටස් කෙරෙහි ඇති ඔහුගේ ආකල්පයත්, සම්බන්ධයෙන් තමාගේ කිසිඳු කැමැත්තක් නොමැති බවය.

රට රටවල දේශපාලන කටයුතු වලට ඇගිලි ගැසීමේ වුවමනාවක් තමාට නැතත්, අවදානම් සහගත මට්ටමේ සිටින ජන කොටස්හි ඉරණම තීරණය කිරීමේ සමත් වන මැතිවරණයක් පැවැත්වෙන විට හා මැතිවරණ අපේක්ෂකයකු ප‍්‍රසිද්ධියේම වද හිංසා පැමිණවීම ගැන අදහස් දක්වන විට, එම ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම තම යුතුකමක් සේ සළකන බවද ඔහු කීවේය.

තම මැතිවරණ ප‍්‍රචාරන කටයුතු වලදී වරක් අදහස් දැක්වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප් සඳහන් කළේ ඇමරිකාව මේ දක්වා භාවිතයට ගත් වද දීමේ කි‍්‍රයාමාර්ගයන්ට වඩා දරුණු කි‍්‍රයාමාර්ග හඳුන්වාදීමට තමා කටයුතු කරන බවයි.මෙක්සිකෝ දේශසීමාව වටා තාප්පයක් බැදීමටද තමාගේ සැළැස්මක් ඇති බව  තවත් වරක් පැවසූ ඔහු ඇමරිකාව වෙත පැමිණෙන මෙක්සිකෝ සංක‍්‍රමණිකයන් ඇතැමෙක් ස්තී‍්‍ර දුූෂකයන් සහ මිනීමරුවන් යැයිද කීවේය.

ඩිමොක‍්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් හා මෑතක් වන තුරුම කරට කර තරගයක නියැලී සිටි ට‍්‍රම්ප් දැන් ක‍්‍රමයෙන් පසු බසිමින් සිටින බවක් පෙනෙන්නට තිබෙන අතර එයට ප‍්‍රධානම හේතුව වන්නේ ඔහු කාන්තාවන් සම්බන්ධයෙන් ඉතාම අශෝභන ලීලාවෙන් අදහස් දක්වනු ඇතුලත් වීඩියෝවක් මාධ්‍ය ඔස්සේ නිදහස් වීම නිසා ඔහු කෙරේ ඇතිව තිබෙන විරෝධයයි.

මේ නිසාම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් අපේක්ෂකත්වය අහෝසි කරන ලෙස ඇමෙරිකා ජනපති බැරක් ඔබාමා හිලරි ක්ලින්ටන්ට සහය දක්වමින් පැවතී රැළියක් අමතමින් රිපබ්ලිකන් පක්ෂ ජෙෂ්ඨයින්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම වීඩියෝව නිදහස් වීම හමුවේ ඔහු නියෝජනය කරන රිපබ්ලියන් පක්ෂයේ ඇතැම් සාමාජිකයින්ද ඔහු කෙරෙන් ඈත් වීමට පටන් ගෙන ඇත.ට‍්‍රම්ප් ඔවුන්ව හඳුන්වාදී තිබෙනුයේ ද්‍රෝහීන් ලෙසය.

 



අදහස් (0)

මානව හිමිකම් මහකමිසුරු ට‍්‍රම්ප්ට අකමැතිලු

රජින්ද Thursday, 13 October 2016 09:26 AM

සෑම්ගේ අන්තර්ජාතික විග්‍රහය නම් වැරදියි. හිලරිගේ අමානුෂික වැරදි වලට ට්‍රම්ප්ගේ මානුෂීය වැරදි වහන්න බැහැ. ට්‍රම්ප් සත්‍යවාදී වැඩයි ඒකයි අවුල.(ම)

:       0       0

සෑම් Thursday, 13 October 2016 06:02 AM

මේ කියන දේ ඇත්ත. ට්‍රම්ප් කොහොමටවත් හොඳ කෙනෙක් නොවයි . නමුත් හිලරි ඊටත් වඩා නරක එ්කයි ප්‍රශ්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site