පසුගිය වසරේ නෝර්වේහි රාජ්‍යයේ සිදුවූ මහා මිනිස් සංහාරයේ මහමොළකරු තමන්ට සිර ගෙදරදී ලැබෙන පහසුකම් ප‍්‍රමාණවත් නොවන බව පවසමින් පිටු 27 කින් යුතු ලිපියක් ලියා නොර්වේ මාධ්‍ය අතට පත් කර ඇතැයි වාර්තා වේ. 33 හැවිරිදි ඇන්ඩර්ස් බෙහ්රින් බෙරිවික් මේ මිනිස් ඝාතනයන් සිදුකළේ වෙඩි තැබීමෙන් හා බෝම්බයක් පුපුරුවා හැරීමෙනි.මියගිය වූවන්ගේ සංඛ්‍යාව 77 ක් විය.අත්අඩංගුවට ගෙන පැවැත්වූ නඩු විභාගයකදී වැරදිකරු බවට ඔප්පු වූ ඇන්ඩර්ස්ට අවුරුදු 21 ක සිර දඩුවමක් නියම විය.ඔහු කිසියම් ත‍්‍රස්ත සංවිධානයකට සම්බන්ධ යැයි බළධාරීන් සැක කළද එවැන්නක් ඔප්පු කිරීමට සාක්ෂි සොයා ගැනීමට නොහැකි විය.නඩු විභාගයේදී ඇන්ඩර්ස් උග‍්‍ර මුස්ලිම් විරෝධියෙකු බවට හෙළි වූ අතර ඇන්ඩර්ස් පැවැසූ ආකාරයට ඔහුගේ උත්සාහය වී තිබුණේ ඉඔහු විශ්වාස කරන ආකාරයට යුරෝපය ගිල ගනිමින් සිටිනා අන්තවාදීන් පලවා හැරිය හැකි ශක්තිමත් රජයක් පිහිටුවීමට ආදර්ශයක් සැපැයීමයි. ඇන්ඩර්ස් චෝදනා කරන අන්දමට තමන් දෙස වපර ඇසකින් බලනා බන්ධනාගාර නිළධාරීන් වෙනත් සිරකරුවන්ට මෙන් තමන්ට නොසළකන බවත් සිරකරුවෙකුගේ අයිතිවාසිකම් භුක්ති විදීමට තමන්ටද අයිතියක් ඇති බවත් සිය ලිපියේ සදහන් කොට තිබේ.තමන් ඉතා ඉවසීමෙන් කටයුතු කරනා පුද්ගලයෙකු වුවත් එයටද සීමාවක් ඇති බවත් ඔහු කියයි.තමන් කරන සෑම සියලූ දෙයක්ම නිරීක්ෂණය කරනා බන්ධනාගාර නිළධාරීන් තමන්ගේ මනැසට වදයක් යැයිද ඔහු කියා තිබේ.තවද දිනකට එක් වරක් දත් මැදීමටත් සතියකට වරක් පමණක් රැුවුල බෑමටත් අවසර තිබීම තමාට කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බවද ඔහු සිය ලිපියෙන් පවසන ඔහු ලියුම් ලිවීමට ලබා දී ඇති පෑනේ සිට පවා තමන් සැක කරන ඔවුන් හමුවේ කෙසේ කටයුතු කර ගනිම්දැයි විමසයි. කෙසේ වුවද බන්ධනාගාර නිළධාරීන් නම් පවසන්නේ ඔහුට සිරකරුවෙකුට ලැබෙන පහසුකම් අඩු නොමැතිව ලබා දීමට කටයුතු කර ඇති බවයි.
1
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ
COMMENTS
මෙයාට මොන පහසුකම්ද? (නි)
විකාර කියන්න මේවාට තමයි
දෙයියෝ සාක්කි
මිණීමරුවන්ට මොන පහසු කම්ද (ස)
ජාතීවාදීනි, මෙන්න හොඳ පුවතක් (ස)
මෙන්න වර්ගවාදීන්ට හොඳ පුවතක් (ස)
මරණ බය ...මරණ බය ...
මම නම් කියන්නේ එයා හරි කියලයි. (නි)
වැලිකඩ ආදර්ශයට ගන්න (ස)
අනේ අනිච්චං මෙහෙවු රටක්? (නි)
මිනිහ කරපු වැඩෙ අනුමත කරන්න බැරි වුණත් එයා පවසන්න හදපු දේ සත්‍යයක් කියලයි මට නම් හිතෙන්නේ. (නි)
මම නම් මෙයාට ගොඩක් කැමතියි. මෙයා හරි. අපිත් මේ වගේ වැඩක් ගැන හිතුවොත් හොද නැද්ද? (නි)