IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


මැන්ඩෙලා 95 වැනි උපන් දිනය සමරයි

දකුණු අපි‍්‍රකාවේ වර්ණභේදවාදය තුරන් කිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් කළ එරට හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලා අද සිය 95 වැනි උපන් දිනය සමරයි.

පිළිකා ආසාදනයකට ලක් වී අසාධ්‍ය තත්ත්වයක පසුවන මැන්ඩෙලා මේ වනවිට සිටින්නේ දකුණු අපි‍්‍රකාවේ රෝහලක ප‍්‍රතිකාර ලබමිනි.
ඔහුගේ තත්ත්වය අසධ්‍ය නමුත් වෛද්‍යවරු ලබා දෙන ප‍්‍රතිකාරවලට ඔහු යහපත් ප‍්‍රතිචාර දක්වන බව මැන්ඩෙලාගේ පවුලේ අය පවසා ඇත. මැන්ඩෙලාට ඇප උපස්ථාන කරමින් ඔහු ළඟ සිටින්නේ ඔහුගේ හිටපු බිරිය සහ වත්මන් බිරියයි.

දකුණු අපි‍්‍රකාවේ ‘ජාතියේ පියා’ සහ ‘අහිංසාවාදයේ පියා’ යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූ මැන්ඩෙලා, පෙනහළු ආසාදනයකට ලක් වීමෙන් රෝහල් ගත කළේ මීට මාසයකට පමණ පෙරය.

සිහිසුන් තත්ත්වයකට ද පත්ව සිටින මැන්ඩෙලා දිවි සුරැකීමේ යන්ත‍්‍රයකට සම්බන්ධ කර ඇති බව ද වාර්තා වේ.

සුදු ජාතික සුළුතරය විසින් දකුණු අප‍්‍රිකාව පාලනය කළ සමයේ ඊට එරෙහිව කළු ජාතිකයන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගූ මැන්ඩෙලා නිහඬ නමුත් එඩිතර දේශපාලන කි‍්‍රයාකාරියෙක් වූයේය.

කළු ජාතිකයන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගීමේ වරදට ඔහු 27 වසරක් දකුණු අපි‍්‍රකාවේ රොබන් දුපතේ සිරගත කෙරුණි. මැන්ඩෙලා පෙනහළු ආශි‍්‍රත රෝගී තත්ත්වයකට ගොදුරු වූයේ එසේ සිරගතව සිටිද්දී ගල්වලක සේවයට යෙදවීමෙනි.

මැන්ඩෙලා උපත ලැබුවේ 1918 වසරේ ජූලි 18 වැනිදාය. හිරෙන් නිදහස් වීමෙන් පසු, අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රස් පක්ෂයට නායකත්වය දෙමින් ඔහු දකුණු අපි‍්‍රකාවේ ජනපති ධුරයට ඉදිරිපත් වී විශිෂ්ඨ ජයක් හිමිකර ගත්තේය. ඒ, 1994 වසරේදීය.

1999 වසර තෙක් දකුණු අපි‍්‍රකාවට නායකත්වය දුන් මැන්ඩෙලා දකුණු අපි‍්‍රකාවේ පළමු කළු ජාතික ජනපතිවරයා ද වෙයි.

ජනපති ධුරයට පත්වීමෙන් පසු මැන්ඩෙලා කිසිම අවස්ථාවක ඔහුට එරෙහි වූ හෝ ඔහු හිරේ දැමූ හෝ සුදු ජාතිකයන්ගෙන් පළි නොගත්තේය.

ජනපති මැන්ඩෙලා, 2005 වසරේ රග්බි ලෝක කුසලානය දකුණු අපි‍්‍රකාවේ පැවැත්වීමට කටයුතු කළේ ද වර්ණභේදවාදය පිටුදැකීමේ අරමුණින්ය. මැන්ඩෙලා දරුවන් සිවු දෙනකුගේ පියකු වන අතර ඔහු තෙවරක් විවාහ විය.

1993 වසරේ නොබෙල් සාම ත්‍යාගයට අමතරව ගෞරව සම්මාන 250 කට වැඩි ප‍්‍රමාණයක් මැන්ඩෙලාට හිමි වී ඇත. මැන්ඩෙලාගේ උපන් දිනය යෙදෙන අද මැන්ඩෙලා දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇත.

 



අදහස් (0)

මැන්ඩෙලා 95 වැනි උපන් දිනය සමරයි

චන්දි Thursday, 18 July 2013 08:38 AM

සුභ උපන් දිනයක්! (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 18 July 2013 01:09 PM

ඔබගේ ආදර්ශය දකුණු අප්‍රිකාවට පමණක් නොව අපටද වඩා වැදගත්ය . (නි)

:       0       0

මැන්ඩි Thursday, 18 July 2013 01:31 PM

ජනපති ධුරයට පත්වීමෙන් පසු මැන්ඩෙලා කිසිම අවස්ථාවක ඔහුට එරෙහි වූ හෝ ඔහු හිරේ දැමූ හෝ සුදු ජාතිකයන්ගෙන් පළි නොගත්තේය (නි)

:       0       0

රංබණ්ඩා Thursday, 18 July 2013 02:01 PM

අරගලයක් දිනූ පමනින් මිනිසුන්ගේ හිත දිනා ගන්න බැරි බවත්, දිනූ අරගලයේ වටිනාකම පවතින්නේ සියලු පාර්ශවයන්ගේ සිත් දිනාගැනීම මත බව ලොවට තහවුරු කල අපේ කාලයේ අති ශ්‍රේෂ්ට මිනිසෙකුගේ අවසන් සති කිහිපයේදී ඔහු සියලු ගෞරවයන් සහිතව පිදිය යුත්තෙක් බව අවධාරනය කරමි. යුද්දයක් අවසන් කල පමනින් කට මැත දොඩන, විරුද්ධවාදීන් මර්දනය කරන පලවෙනි පුරවැසියාගේ සිට හුදෙක් තම වාසියම පමනක් බලා සිටින ඔහුගේ අවසාන අනුගාමිකයා දක්වා ආදර්ශයට ගත යුතු, තම ජීවිතයට පූර්වාදර්ශයක් කර ගත යුතු ශ්‍රේෂ්ට මිනිසෙකි "නෙල්සන් මැන්ඩෙලා". (නි)

:       0       0

අචිනි Thursday, 18 July 2013 10:03 AM

සුබ උපන් දිනයක් වේවා මහත්මයාණනි! නිරෝගී සුවය ඉක්මනින් ලැබේවා! අපේ රට ඇතුළු බොහෝ රටවල නායකයන්ට ආදර්ශමත් මහත්මයෙක්. (නි)

:       0       0

ආනන්දආර් Thursday, 18 July 2013 10:11 AM

වසර තිහක කාලයක් බන්ධනාගාරගතව සිට නිදහස ලබා තම ජාතියට හා රටට පිරිසිදු නායකත්වයක් තුලින් සේවය කල විරුවාණනි, ඔබට නිරෝගී සුව හා දීර්ගායුෂ පතමි. (නි)

:       0       0

සමන් ද අල්විස් Thursday, 18 July 2013 10:35 AM

මුළු මහත් ලෝකයාගේම ආශිර්වාදය ලත් උපන් දිනයක් වෙනවා ඒකාන්තයි. නිරෝගී සුවය පතමි, උපන් දිනයදා මැන්ඩෙලාට තෙරුවන් සරණයි.(නදී)

:       0       0

ගයන් Thursday, 18 July 2013 10:58 AM

මැන්ඩෙලා මහත්මය ඉන්නෙ ස්වසන යන්තරය නිසා. ඔහු ඇත්තටම මිය ගිහින් නමුත් පව්ලේ ය අවසන් තීරණය ගන්න ඕනනෙ ස්වසන යන්තරෙන් ගලවන්න. (අ)

:       0       0

නාලක - දෝහා කටාර් Thursday, 18 July 2013 11:07 AM

ඔබවැනි ශ්‍රේෂ්ට නායකයන් බිහිවිය යුත්තේ අපේ රටේ වගේ රටවලයි. ඔබතුමාට ඉක්මන් සුවය හා සුබ උපන්දිනයක් පතමි (නි)

:       0       0

අනිල් පෙරේරා Thursday, 18 July 2013 11:10 AM

මැතිදුනි ඔබ වත්මන් ලෝක දේශපාලකයින්ට මහගු ආදර්ශයක් ඔබට සුබ උපන්දිනයක් වේවා ,ඔබ සදා අමරණීය වනු ඇත .(අ)

:       0       0

සිසිර.ඇෆ්ගන්. Thursday, 18 July 2013 01:43 AM

මනුශෂ්‍යත්වයේ පියාණෙනි, අවිහිංසා වාදයේ පියාණෙනි ඔබට නිරෝගි සුව.!(නදී)

:       0       0

රනිල් Thursday, 18 July 2013 03:44 PM

ලෝක වාසීන්ගේ ගෞරවාදරයට පත් ඔබට ඉක්මන් සුවය!(නදී)

:       0       0

බණ්ඩාර Thursday, 18 July 2013 11:41 AM

තුනුරුවන් බෙලෙන් දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

sakalabujan Thursday, 18 July 2013 03:46 AM

මැන්ඩෙලා 95 වැනි උපන් දිනය සමරයි 2013 ජූලි මස 18 00:05:22 | ඒ.එෆ්.පී පුවත් ඇසුරිනි , ජොහැන්ස්බර්ග් නුවරදීය දකුණු අපි‍්‍රකාවේ වර්ණභේදවාදය තුරන් කිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් කළ එරට හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලා අද සිය 95 වැනි උපන් දිනය සමරයි. පිළිකා ආසාදනයකට ලක් වී අසාධ්‍ය තත්ත්වයක පසුවන මැන්ඩෙලා මේ වනවිට සිටින්නේ දකුණු අපි‍්‍රකාවේ රෝහලක ප‍්‍රතිකාර ලබමිනි. ඔහුගේ තත්ත්වය අසධ්‍ය නමුත් වෛද්‍යවරු ලබා දෙන ප‍්‍රතිකාරවලට ඔහු යහපත් ප‍්‍රතිචාර දක්වන බව මැන්ඩෙලාගේ පවුලේ අය පවසා ඇත. මැන්ඩෙලාට ඇප උපස්ථාන කරමින් ඔහු ළඟ සිටින්නේ ඔහුගේ හිටපු බිරිය සහ වත්මන් බිරියයි. දකුණු අපි‍්‍රකාවේ ‘ජාතියේ පියා’ සහ ‘අහිංසාවාදයේ පියා’ යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූ මැන්ඩෙලා, පෙනහළු ආසාදනයකට ලක් වීමෙන් රෝහල් ගත කළේ මීට මාසයකට පමණ පෙරය. සිහිසුන් තත්ත්වයකට ද පත්ව සිටින මැන්ඩෙලා දිවි සුරැකීමේ යන්ත‍්‍රයකට සම්බන්ධ කර ඇති බව ද වාර්තා වේ. සුදු ජාතික සුළුතරය විසින් දකුණු අප‍්‍රිකාව පාලනය කළ සමයේ ඊට එරෙහිව කළු ජාතිකයන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගූ මැන්ඩෙලා නිහඬ නමුත් එඩිතර දේශපාලන කි‍්‍රයාකාරියෙක් වූයේය. කළු ජාතිකයන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගීමේ වරදට ඔහු 27 වසරක් දකුණු අපි‍්‍රකාවේ රොබන් දුපතේ සිරගත කෙරුණි. මැන්ඩෙලා පෙනහළු ආශි‍්‍රත රෝගී තත්ත්වයකට ගොදුරු වූයේ එසේ සිරගතව සිටිද්දී ගල්වලක සේවයට යෙදවීමෙනි. මැන්ඩෙලා උපත ලැබුවේ 1918 වසරේ ජූලි 18 වැනිදාය. හිරෙන් නිදහස් වීමෙන් පසු, අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රස් පක්ෂයට නායකත්වය දෙමින් ඔහු දකුණු අපි‍්‍රකාවේ ජනපති ධුරයට ඉදිරිපත් වී විශිෂ්ඨ ජයක් හිමිකර ගත්තේය. ඒ, 1994 වසරේදීය. 1999 වසර තෙක් දකුණු අපි‍්‍රකාවට නායකත්වය දුන් මැන්ඩෙලා දකුණු අපි‍්‍රකාවේ පළමු කළු ජාතික ජනපතිවරයා ද වෙයි. ජනපති ධුරයට පත්වීමෙන් පසු මැන්ඩෙලා කිසිම අවස්ථාවක ඔහුට එරෙහි වූ හෝ ඔහු හිරේ දැමූ හෝ සුදු ජාතිකයන්ගෙන් පළි නොගත්තේය. ජනපති මැන්ඩෙලා, 2005 වසරේ රග්බි ලෝක කුසලානය දකුණු අපි‍්‍රකාවේ පැවැත්වීමට කටයුතු කළේ ද වර්ණභේදවාදය පිටුදැකීමේ අරමුණින්ය. මැන්ඩෙලා දරුවන් සිවු දෙනකුගේ පියකු වන අතර ඔහු තෙවරක් විවාහ විය. 1993 වසරේ නොබෙල් සාම ත්‍යාගයට අමතරව ගෞරව සම්මාන 250 කට වැඩි ප‍්‍රමාණයක් මැන්ඩෙලාට හිමි වී ඇත. මැන්ඩෙලාගේ උපන් දිනය යෙදෙන අද මැන්ඩෙලා දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇත. අදහස්(0) බැලූවෝ (254) 95 වැනි උපන් දිනයදා මැන්ඩෙලාට තෙරුවන් සරණයි. ඉක්මන් සුවයයි පතමු.(නදී)

:       0       0

රේනුකා Thursday, 18 July 2013 05:22 AM

සුබ උපන් දිනක් වේවා ඔබට ඉක්මනින් නිරෝගී බව ලැබේවා. තෙරුවන් සරණේ බලයෙන්.(නදී)

:       0       0

දම් Thursday, 18 July 2013 05:57 AM

දිවි හිමියෙන් සටන් වැදී දිනු දේශය අද අහිංසක කම්කරුවන් මරණ ධනවාදී ගිනිසිලුවකි. දැන් මැන්ඩෙලා නළුවෙක් වැනිය. ඔහුගේ නිදහස වෙනුවෙන්ද, රට වෙනුවෙන්ද සටන් වැදුනවුන් ජෝහන්ස්බෙර්ග් නුවර ටකරන් මුඩුක්කුවල ජීවත් වෙන්නේ ඇතින් ඔබ්බට පෙනෙන ධනවත් සුදු /කළු මාලිග දෙස නෙත් යොමාගෙනය.මට හැගෙන එකම වෙනස සුදු බහුතරයක් උජාරුවෙන් හිදි පුටුවලට ජේත්තුවට ඇඳගත් කල්ලන් වාඩිවී සිටීමය. (නි)

:       0       0

මර්ටිනස් Thursday, 18 July 2013 07:03 AM

සුබ උපන් දිනයක් ඔබට .....!!(අ)

:       0       0

රොහාන් Thursday, 18 July 2013 04:50 PM

ඔබට සුබ උපන්දිනයක් වේවා. ඉක්මන් සුවය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

නෙදන්යාහු අවසන් වරට බයිඩන් හමුවෙයි
2024 ජුලි මස 26 106 0

වොෂින්ටන් අගනුවරට පැමිණ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක්, ධවල මන්දිරයේ දී පැවැත්විණි.


කමලා හැරිස්ගෙන් නෙදන්යාහුට තර්ජනයක්
2024 ජුලි මස 26 229 0

ඇමෙරිකා උප ජනාධිපතිනි කමලා හැරිස් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ හමුවක් පැවැත්වුණු අතර, එහිදී ඇමෙරිකන් උප ජනාධිපතිනිය, ඊශ්‍රායල


ට්‍රම්ප් කමලාට වඩා ඉදිරියෙන්
2024 ජුලි මස 26 170 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙන අතර ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයෙන් ඊට ඉදිරිපත් වන හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ වත්මන් උ


යතුරු පැදිකරුවෙක් මේරි කුමරිය හප්පලා
2024 ජුලි මස 26 3275 0

රාජකීය නිල සංචාරයක් සඳහා ග්‍රීන්ලන්තයට ගිය ඩෙන්මාර්කයේ මේරි කුමරිය විදුලි යතුරු පැදියක හැපීමෙන් අකරතැබ්බකට මුහුණ දුන්නාය. යතුරු පැදියේ හැපුණු 52 හැව


ඉන්දියාවත් ලිබියාවත් අතර සබඳතා ඇරැඹේ
2024 ජුලි මස 25 87 0

වසර පහක විරාමයකින් පසු ඉන්දියාවත් ලිපියාවත් අතර යලිත් වරක් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී තිබේ. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වූයේ ඉන්දියාව, යළිත්


අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරැළෙයි
2024 ජුලි මස 25 92 0

බටහිර අප්‍රිකාවේ වෙරළේ මොරිෂානියාවට ඔබ්බෙන් මුහුදේ දී අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරට පත් විය. එයින් 15 දෙනෙකු මියගිය බවත්, 150 කට වැඩි පිරිස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site