පෙනහලූ ආසාදනයකට ලක්වී අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර සිටිද්දී, විදුලි සහ ජල බිල නොගෙව්වැයි පවසමින් දකුණු අපි‍්‍රකාවේ හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලාගේ නිවසට ජොහැන්නස්බර්ග් නුවර නගරසභාව ලිපියක් යවා ඇත.
මැන්ඩෙලාගේ පවුලේ අය ඒ ගැන නගරසභා බලධාරීන්ට දැනුම් දුන් අවස්ථාවේ ඔවුන් පවසා ඇත්තේ එය වැරදීමකින් සිදුවූවක් බවය. එපමණක් නොව, මැන්ඩෙලා සහ ඔහුගේ පවුලේ අයගෙන් සමාව ගැනීමට ද නගර සභා බලධාරීහු පියවර ගෙන ඇත.
දකුණු අපි‍්‍රකාවේ වර්ණභේදවාදය තුරන් කිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් කළ නෙල්සන් මැන්ඩෙලා ඉකුත් ජූලි 18 වැනිදා සිය 95 වැනි උපන් දිනය සැමරුවේය. මැන්ඩෙලා රෝහල් ගත කෙරුණේ මීට මාස 3 කට පමණ පෙරය. මැන්ඩෙලාගේ තත්ත්වය අසාධ්‍ය නමුත් වෛද්‍යවරු ලබා දෙන ප‍්‍රතිකාරවලට ඔහු යහපත් ප‍්‍රතිචාර දක්වන බව මැන්ඩෙලාගේ පවුලේ අය පවසා ඇත. මැන්ඩෙලාට ඇප උපස්ථාන කරමින් ඔහු ළඟ සිටින්නේ ඔහුගේ හිටපු බිරිය සහ වත්මන් බිරියයි.
සිහිසුන් තත්ත්වයකට ද පත්ව සිටින මැන්ඩෙලා දිවි සුරැකීමේ යන්ත‍්‍රයකට සම්බන්ධ කර ඇති බව ද වාර්තා වේ.
සුදු ජාතික සුළුතරය විසින් දකුණු අප‍්‍රිකාව පාලනය කළ සමයේ ඊට එරෙහිව කළු ජාතිකයන්ගේ අයිතිය වෙනුවෙන් හඬ නැගූ මැන්ඩෙලා නිහඬ එහෙත් එඩිතර දේශපාලන කි‍්‍රයාකාරිකයෙක් වී සිටියේය.
කළු ජාතිකයන්ගේ අයිතිය වෙනුවෙන් හඬ නැගීමේ වරදට ඔහු 27 වසරක් දකුණු අපි‍්‍රකාවේ රොබන් දුපතේ සිරගත කෙරුණි. මැන්ඩෙලා පෙනහලූ ආශි‍්‍රත රෝගී තත්ත්වයකට ගොදුරු වූයේ එසේ සිරගතව සිටිද්දී ගල්වළක සේවයට යෙදවීමෙනි.
2025 නොවැම්බර් මස 21
191
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
254
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1147
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මැන්ඩෙලා රෝහලේ සිටිද්දී බිල නොගෙව්වැයි ජලය - විදුලිය කපන බවට නිවසට ලිපියක් ලැබිලා
මංජු Wednesday, 07 August 2013 09:50 AM
ෂෝක් වැරදිමක්නේ ඒක. නෙල්සන් මැන්ඩෙලා කියන නම නොදන්නේ කවුද? (නි)