නෙල්සන් මැන්ඩෙලාගේ අවමගුලට ලෝක නායකයින් රැසක් සහභාගී වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ඇමරිකා, චීන, බ්‍රසීල, ඉන්දියා, කියුබා වැනි රටවල රාජ්‍ය කායකයින් රැසක් අවමගුල් මෙහෙය අතරතුරදී කතා පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන්කී මූන්ද විශේෂ කතාවක් පවත්වනු ඇත.

බ්‍රිතාන්‍යය, පකිස්තානය, ජපානය, ප්‍රංශය, මෙක්සිකෝව වැනි රටවල රාජ්‍ය නායකයින්ද නෙල්සන් මැන්ඩෙලාට අවසන් ගෞරවය දැක්වීමට පැමිණීමට නියමිතය.

විවිධාකාර දේශපාලන මතිමතාන්තර හා අදහස් දරන රාජ්‍ය නායකයින් රැසක් එකම වේදිකාවේ මෙසේ දැකගත හැකි වනු ඇත්තේ බොහෝ කාලයකට පසුය.

මෙයින්ම නෙල්සන් මැන්ඩෙලා යනු කවුරුන්දැයි ඕනෑම කෙනෙකුට සිතා ගත හැකි බව විචාරකයින් කියයි.

නෙල්සන් මැන්ඩෙලාගේ අවසන් කටයුතු අද (10) දිනයේදී සිදු කෙරෙනු ඇත.