එක්සත් ජාතීන්ගේ නව මහලේකම් ලෙස පෘතුගාලයේ හිටපු අගමැති ඇන්ටොනියෝ ගුටෙරස් (67) පත් කළ බව වාර්තා වෙයි.අපේක්ෂකයින් 13 දෙනකු අතරින් ඔහු තේරී පත් විය. ඔහු එක්සත් ජාතීන්ගේ මධ්‍යස්ථානය සමග 2005 සිට කටයුතු කර තිබේ. සිරියාවේ යුද්ධය අවසන් කිරීම තම විශාලතම අභියෝගය බව ඔහු පැවසීය.
1976 දී ඔහු දේශපාලනය ආරම්භ කළේය.1955 සිට 2002 කාලය තුළ එරට අගමැති ධුරය දැරීය.යුරෝපා කවුන්සිලයේ සභාපතිධුරය ද දැරූ ඔහු 2005-2015 කාලය තුළ සරණාගතයින් පිළිබද එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළේය.
වර්තමාන මහලේකම් බෑන් කී මූන්ගේ ධුර කාලය ලබන දෙසැම්බර් මාසයෙන් අවසන් වෙයි.

COMMENTS
බලමු එයාගෙ වැඩ කොහොමද කියලා (නි)