ඉතාලියත් ක්‍රොඒෂියාවත් අතර මධ්‍යධරණී මුහුදේ දී සුදු පැහැති ඇලි ඩොල්ෆින් මාළුවෙක් නිරීක්ෂණය කළ හැකි වූ බව සමුද්‍ර විද්‍යා පරීක්ෂකයෝ කියති. ඇලි සතුන් ඉතා දුර්ලභය. ඔවුන් මේ සතාට ඇල්බස් යනුවෙන් නම් තබා ඇත. පර්යේෂකයන් පවසන්නේ ඇල්බස් ඉතා හොඳින් වැඩුණු පිරිමි සතෙක් බවයි.
ඩොල්ෆින් සතුන් සාමාන්‍යෙයන් අළු පැහැයට හුරු වර්ණයකින් යුතු වුව ද ඔවුන්ගේ වර්ණය ලැබෙන ජානය නොපිහිටීම හේතුවෙන් සුදු පැහැය හා රෝස පැහැති ඇස් ඇතිවන බව ද පර්යේෂකයෝ කියති.
‘‘මේ සතුන් අනෙක් අයට වඩා දුර්වල හෝ අදක්ෂ වන්නේ නැහැ. මේ සතා සාමාන්‍ය පරිදි ක්‍රියාශීලී වනවා. නමුත් සුදු පැහැය නිසා සතුරන්ගේ ප්‍රහාරවලට පහසුවෙන් ගොදුරු වීමට ඉඩ තිබෙනවා. කෙසේ වෙතත් දැනට ලෝකයේ විවිධ ස්ථානවලින් මෙවැනි ඇලි ඩොල්ෆින් සතුන් 20ක් හමුවී තිබෙනවා“ යැයි පර්යේෂකයෝ කියති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට ඔය අහිංසක සතා ඉතාලි මුහුදේ ඉන්නේ. අපේ ඉන්දියන් සාගරයේ හිටියා නම් ඇමති පුතෙක් හෝ ඇමති බිරිඳක් ඔය සතාව ගන්න දඟලයි (නි)
හරිම ලස්සනයි.(අ)